අපේ රටේ ගැටලු විසඳන්නේ ඉන්දියාවේ මැති ඇමැතිවරු

0
24

ඇය  mawbima.lk  වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් පේරාදෙණිය රෝහලේ සැලසුම් කළ සැත්කම් අත්හිටුවීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය  ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ මැදිහත් වීම ඊට කදිම උදාහරණයක් බවය.

“ඒක හොඳ ඉන්ඩිකේෂන් එකක් අපි ඉන්න තත්ත්වය ගැන. ඉන්දියාවේ විදේශ ඇමැති මැදිහත් වෙලා තමයි ඉස්පිරිතාලේ ඔපරේෂන් කරන්නේ. ඒකෙන්ම තේරෙනවා අපි කොච්චරක් වැටිලාද කියලා. කොච්චරක් දුරට දුරට ඉන්දියාවට දැන් යටත් වෙලාද කියන එක. ඒක තමා බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව ඉස්සරහට තව කොහොම මැදිහත් වෙයිද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒක අද තියෙන ඇත්ත තත්ත්වය ගැන හොඳ උදාහරණයක්.”

පේරාදෙණිය රෝහලේ සැලසුම් කළ සැත්කම් අත්හිටුවා ඇති බවට පළ වී තිබූ ට්විටර් පණිවුඩයක් කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඒ පිළිබඳව සොයා බලන ලෙස ඉන්දීය මහ කොමසාරිස්වරයාට ‘ට්විටර්’ පණිවුඩයක් ඔස්සේ දැනුම්දී තිබිණි.

පසුව ශ්‍රී  ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් තමන් විමසා බැලූ බවය.

මෙවැනි පසුබිමක් තුළ වෛද්‍ය සැපයුම් අංශයෙන් අදාළ වෛද්‍ය උපකරණ ලබාදී තිබූ අතර සැත්කම් සිදු කිරීම යළිත් ආරම්භ කළ බව පේරාදෙණිය ශික්ෂණ රෝහල නිවේදනය කළේය.

මේ අතර ඊයේ කොළඹ පිහිටි ඉන්ධන පිරවුම්හලක් වෙත ගිය ඉන්දීය විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී  ලාංකිකයන්ගේ දෛනික ජීවිතයට උපකාර කිරීම සඳහා ඉන්දියන් ඔයිල් සමාගම හරහා ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ඉවහල් වී ඇති බවය.

කුමුදු ජයවර්ධන