PUCSL සභාපතිගෙන් ‘මහදැන මුත්තා’ සාම්පලයේ යෝජනාවක්

0
19

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට සිය රාජකාරී කටයුතු කරගෙන යාමට අද (මාර්තු 30) සහ හෙට (මාර්තු 31) අවස්ථාව සලසා දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා රජයට මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ය.

විදුලිය විසන්ධි කෙරෙන කාලය තුළ කාර්යාල කටයුතු කරගෙන යාම සඳහා විදුලිය අවශ්‍ය වන අතර එහිදී විදුලි උත්පාදනය කිරීමට විදුලි ජනන යන්ත්‍ර භාවිත කෙරෙන බව ත් ඊට ඩීසල් අවශ්‍ය බව ත් ඔහු සඳහන් කළේ ය.

ජනක රත්නායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ, මෙලෙස විදුලි ජනනය සඳහා ඩීසල් ලබා දීමෙන් පාරිභෝගිකයින්ට අවශ්‍ය ඩිසල් ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ය.