JAK Plastics පෞද්ගලික සමාගම IDB රීදී සම්මාන දිනයි

0
35

ශ්‍රී ලාංකේය ප්ලාස්ටික් නිෂ්පාදන වෙළෙඳපොළේ විශ්වාසය දිනු JAK Plastics පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී රබර් ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

2006දී කුඩා පරිමාණයෙන් ඇරැඹූ JAK Plastics පෞද්ගලික සමාගමේ වර්තමානයේදී සේවක සේවිකාවෝ 150කට වැඩි ප්‍රමාණයක් කර්මාන්ත ශාලා කිහිපයක සේවය කරති. පාරිභෝගික අවශ්‍යතා මනාව වටහා ගනිමින් කල් පවතින ප්ලාස්ටික් භාණ්ඩ නවීන මෝස්තරවලින් නිර්මාණය කිරීම JAK Plastics පෞද්ගලික සමාගමේ සාර්ථකත්වයේ රහසයි. සමාගම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන කටයුතු සඳහා 60ක්ම භාවිත කරන්නේ ප්‍රතිචක්‍රීයකරණය කළ ප්ලාස්ටික්ය. දෛනිකව ප්‍රතිචක්‍රීයකරණය කළ ප්ලාස්ටික් ටොන් 10ක් පමණ භාවිත කරන අතර ඉදිරියේදී එම ධාරිතාව තවත් වැඩි කරමින් නිෂ්පාදන රැසක් සිදු කිරීමට සමාගම අපේක්ෂා කරයි. වයඹ විජයාභිමානි සම්මානය ඇතුළු සම්මාන රැසකින්ද JAK Plastics පෞද්ගලික සමාගම පිදුම් ලබා ඇත. “ශ්‍රී ලංකාවට වාර්ෂිකව ප්ලාස්ටික් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් චිනයෙන් ආනයනය කරනවා. ඊට විස¾දුමක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිෂ්පාදනය වැඩි කිරීමට ප්‍රමුඛ අවධානයක් යොමු වී තිබෙනවා. අප සමාගම නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉහළ ගුණාත්මකභාවයට සහ ප්‍රමිතියට මූුලික තැනක් පිරිනමනවා. මෙම ජයග්‍රහණයට සහයෝගය දැක්වූ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මගේ කෘතවේදීත්වය පිරිනමන්න කැමතියි” JAK Plastics පෞද්ගලික සමාගම සභාපති අසරණ සරණ මානව හිතවාදී ව්‍යාපාරවේදී නිපුන් ජන රංජන ජේ.ඒ කරුණාතිලක මහතා පැවැසීය.