IPL ක්‍රිකට් තරගාවලිය ගුජරාට් ටයිටන්ස්ට කඩුලු 5ක ජයක්

0
20


මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (28දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ශ්‍රී  ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නියෝජනය කරන ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. 

මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට රැස්කරගත් ලකුණු 158ට පිළිතුරු සැපයූ ගුජරාට් පිල පන්දුවාර 19.4කදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. 

කෙසේ වෙතත් මෙම ඉලක්කය හඹා යෑමේදී ගුජරාට් ඉනිමේ පළමු කඩුලු 2ම ලකුණු 15ක් තුළ බිඳ දැමීමට දුෂ්මන්ත චමීර සමත් විය. එහිදී චමීර හමුවේ සුබ්‍රමනියම් ගිල් ලකුණු නොලබාත්, විජේ ශංකර් ලකුණු 4කටත් දැවී ගොස් තිබිණි.