DPMC වර්ක්ෂොප් මාතර පළමු සංවත්සරයේදීම පාරිභෝගික පැසසුමට

0
43

නිත්‍ය පාරිභෝගිකයන් සහ සියලු‍ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් DPMC Workshop Matara  පළමු වසර සංවත්සරය සැමැරීම පසුගියදා ඉතා චාම් මෙන්ම අභිමානවත් අයුරින් සිදු කෙරිණි.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්හි මඩපාත පිහිටි ප්‍රධාන වර්ක්ෂොප් පහසුකමට අමතරව බස්නාහිර පළාතෙන් පිටත ආරම්භ කළ පළමු බජාජ් වාහන සේවා නඩත්තු සහ අලු‍ත්වැඩියා පහසුකම් ලෙස DPMC Workshop Matara  හැඳින්විය හැකිය.

ආරම්භ කර වසරක් තුළ පාරිභෝගිකයන් 3,000කට අධික සංඛ්‍යාවකට 5,000කට අධික සේවා සපයා ඇති DPMC Workshop Matara  පිළිබදව පාරිභෝගිකයන් විශ්වාසය තබා ඇති බව පළමු සැමරුමට එක්වූ පාරිභෝගිකයන්ගේ අදහස්වලින් සනාථ වේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ගාල්ල බද්දේගම පදිංචි එම්. රත්නසිරි මහතා DPMC Workshop Matara ගැන මෙසේ අදහස් ප්‍රකාශ කළේය. 

“මම හැම විටම DPMC Workshop Matara කෙරෙහි විශ්වාසය තැබුවා. ඒ නිසාම මගේ වසර 12ක් පමණ එක තැන නවතා දමා තිබූ ත්‍රිරෝද රථය පූර්ණ අලු‍ත්වැඩියාවකට ලක් කර යළි නව ත්‍රිරෝද රථයක තත්ත්වයටම පත් කර ගැනීමට හැකියාව ලැබුණා.”

මාතර තෙලිජ්ජවිල පදිංචි ඩබ්. ඒ. චන්ද්‍රසිරි මහතාද DPMC Workshop Matara ආරම්භයේ සිටම ඒ වෙත පැමිණි පාරිභෝගිකයෙකි.

“මම තල්අරඹ ඩේවිඩ් පීරිස් වර්ක්ෂොප් එක ආරම්භ කළ දවසේ ඉඳන් මගේ බජාජ් පල්සර් 150 මෝටර් සයිකලයේ සියලු‍ නඩත්තු සහ සේවා මම සිදු කරගත්තේ DPMC Workshop Matara  වෙතින්” යැයි චන්ද්‍රසිරි මහතා පවසයි.

තවදුරටත් ඔහුගේ අත්දැකීම් විස්තර කරමින් චන්ද්‍රසිරි මහතා කියා සිටියේ DPMC Workshop Matara  කාර්ය මණ්ඩලයද ඉතා කැපවීමෙන් සහ හැම විටම පාරිභෝගිකයාට අවශ්‍ය සියලු‍ දේ ලබා දීමට කටයුතු කරන බවයි.

DPMC Workshop Matara  පළමු සංවත්සරය පිළිබදව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් කළමනාකරු ලහිරු ජයසුමන මහතා පැවැසුවේ මාස 12ක් පුරා DPMC Workshop Matara  සේවක මණ්ඩලයේ කැපවීම ඒ වෙත පැමිණි පාරිභෝගිකයන් සංඛ්‍යාවෙන් සහ කරන ලද සේවාවලින් මනාව පිළිබිඹු වන බවයි.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ DPMC Workshop Matara සමඟ මුල සිටම සිටි පාරිභෝගිකයන් අගයමින් විවිධ තෑගි පිරිනැමූ බවත් ජයසුමන මහතා කියා සිටියේය. තවද කාර්ය මණ්ඩලය ඇගැයීමක්ද මෙදිනම සිදු කෙරුණු බවත් ඔහු කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ජයසුමන මහතා කියා සිටියේ පළමු වසර තුළ ලැබූ ප්‍රගතියෙන් ලත් පන්නරය සමඟ ඉදිරි වසර තුළ තවදුරටත් DPMC Workshop Matara සේවා වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි.