CNCI සම්මාන ත්‍රිත්වයකින් ටෙක්ස්ටි්‍රප් සමාගම පිදුම් ලබයි

0
12

රබර් කර්මාන්තයේ දශක පහකට ආසන්න කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ඉලාස්ටෝ සමූහ ව්‍යාපාරයට අයත් ටෙක්ස්ටි්‍රප් පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය CNCI කළ කර්මාන්ත විශිෂ්ටතා 2021 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කර්මාන්ත 10ට හිමි CNCI Top 10 Awards සම්මානයෙන් සහ මහා පරිමාණ කාණ්ඩයේ නිෂ්පාදන අංශයේ ජාතික මට්ටමේ ලෝකඩ සම්මානයෙන් සහ පළාත් මට්ටමේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරි හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති CNCI සම්මාන උළෙලට ඉලාස්ටෝ සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මංගල ගුණසේකර මහතා, Textrip සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි පී.ඒ. නන්දසේන මහතා හා නියෝජ්‍ය මෙහෙයුම් නිලධාරිනි ඉන්දිරා සේනාරත්න මහත්මිය සහභාගි වූහ. “අප අඛණ්ඩව ලබන මේ ජයග්‍රහණවලින් පිළිබිඹු වන්නේ අපගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ඉහළ ප්‍රමිතියයි. වසර ගණනාවක් පුරා අප කෙරෙහි විශ්වාසය තැබූ ගනුදෙනුකරුවන් සියලු දෙනාට සහ නිරන්තරයෙන් කැපවීමෙන් වැඩ කරන අපගේ කාර්ය මණ්ඩලයට මාගේ කෘතඥතාව පළ කරනවා” මංගල ගුණසේකර මහතා පැවැසීය.  

Textrip සමාගම ලොව ප්‍රමුඛ ක්‍රීඩා හා ව්‍යායාම සන්නාම 100කට අධික සංඛ්‍යාවකට සේවා සපයමින් ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපය ඇතුළු රටවල් 30කට වැඩි ප්‍රමාණයකට තම නිපැයුම් අපනයනය කරයි. සමාගමේ ප්‍රධානම නිපැයුම වන TEXSTRETCH Progressive Exercise Resistance Bands කාලීන අවශ්‍යතාවක් වී ඇති මිනිස් පරපුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම සඳහා පහසු සාර්ථක ප්‍රතිඵලදායි නිෂ්පාදනයක් ලෙස මුළු ලොවම වර්තමානයේදී හ¾දුනාගෙන ඇත. ISO 9001:2015,ISO 14001:2015, සදාචාරාත්මක වෙළෙඳාම පිළිබඳ සහතිකයක් ‍(CET) සහ REACH වැනි අන්තර්ජාතික තත්ත්ව සහතිකවලින්ද ඉහළ ප්‍රමිතිය තහවුරු කර ඇති Textrip නිෂ්පාදන ඔවුන්ගේ www.elasto.lk වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලට ගත හැකිය.