AAT ආයතනයට ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ත්‍රිත්වයක්

0
22

ශ්‍රී ලාංකික වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්තම ආයතනයක් වන ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීන්ගේ ආයතනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන තුනක් ලබා ගන්නා ලදී. එහිදී අඛණ්ඩව 8 වැනි වරටත් සමිති සහ සංගම් අංශයේ රන් සම්මානය හිමි වූ අතර තවද මධ්‍යම අංශයේ සිල්වර් සම්මානය සහ ආයතනික සමාජ වගකීමේ (CSR) විශිෂ්ටත්වය උදෙසා කුසලතා සම්මානයක්ද ලබාගන්නා ලදී. මෙම අවස්ථාවට AAT ආයතනයේ නව සභාපති නලීන් ද සිල්වා මහතා, ප්‍රධාන විධායක නිලධාරි ටිශාංග කුමාරසිංහ මහතා සහ  AAT Sri Lanka ආයතනයේ ඉහළ කළමනාකරණ නිලධාරීන්ද සහභාගි විය.