2022 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේදී ලංකා බැංකුවට සම්මාන ද්විත්වයක්

0
25

පසුගියදා පැවැත්වුණු SLIM Kantar ජනතා සම්මාන 2022 ‘සම්මාන උළෙලෙහිදී ‘වසරේ හොඳම සේවා සපයන්නා’ සහ ‘වසරේ හොඳම බැංකු සේවා සපයන්නා’ යන සම්මාන ද්විත්වයම දිනා ගැනීමට ලංකා බැංකුව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟම මහජන කැමැත්ත මත පිරිනැමෙන සම්මාන උළෙලකදී මෙම අංශ දෙකම යටතේ සම්මාන දිනා ගත් එකම බැංකුව බවට ලංකා බැංකුව පත් විය. එමෙන්ම ලංකා බැංකුව ‘වසරේ බැංකු සේවා සපයන්නා’ ලෙස  සම්මාන දිනාගත් 4වැනි අවස්ථාව මෙයයි. ශ්‍රී  ලංකා අලෙවිකරුවන්ගේ ආයතනය (Sri Lanka Institute of Marketer’s [SLIM]) Kantar Sri Lanka යන ආයතන විසින් ඒකාබද්ධව සිදුකරන ලද පුළුල් සමීක්ෂණයක් මත පදනම්ව මෙම සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරාගනු ලැබූ අතර, ජනතාවගේ විශ්වාසය දිනාගනිමින්, ඔවුන්ගේ සිත් සතන් තුළ ගැඹුරින් සනිටුහන් වී ඇති විවිධ සන්නාමයන්           එහිදී සම්මානයට පාත්‍ර විය.  එමෙන්ම මෙම සම්මානයන්  ශ්‍රී  ලාංකේය ජනතාවගේ සිතුම් පැතුම් හා අවශ්‍යතා නිවැරදිව ආමන්ත්‍රණය කළ සන්නාමයන් සතු ජනතා ශක්තිය අඟවන්නක් ලෙසින්ද හ¾දුන්වා දිය හැකිය.

ගෝලීය සමීක්ෂණ සමාගමක් වන Kantar හි දේශීය හවුල්කරුවා වන Kantar Sri Lanka ආයතනය මඟින් මුළු ශ්‍රී  ලංකාවම ආවරණය වන පරිදි සිදුකෙරුණු ස්වාධීන සමීක්ෂණයක් මඟින් ජනතා සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදු කෙරිණි.  

 වසර 82කට වැඩි කාලයක් පුරා සියලුම ශ්‍රී  ලාංකික ජනතාවගේ ආයතනික හා පෞද්ගලික  මූල්‍ය හවුල්කරුවා ලෙස කටයුතු කරන ලංකා බැංකුවේ නාමය ‘ජාතියේ මහා පහන්ටැඹ’ යන විරුදාවලිය ලබමින් මෙරට ජනතාවගේ සිත් සතන් තුළ ගැඹුරින් සනිටුහන් වී ඇත. ශ්‍රී  ලාංකේය බැංකු ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ලංකා බැංකුව, වර්තමානය වන විට රුපියල් ටි්‍රලියන 3.8ක වත්කම් පදනමක්, රුපියල් ටි්‍රලියන 2.9ක තැන්පතු පදනමක් සහ රුපියල් ටි්‍රලියන 2.6ක ණය හා අත්තිකාරම් පදනමකින් සමන්විත එකම ශ්‍රී  ලාංකේය බැංකුව බවට පත් වී ඇති බව අභිමානයෙන් සිහිපත් කරයි. මුළු දිවයිනම ආවරණය කරන  2000කට අධික ශාඛා හා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ජාලයකින් මෙන්ම, චෙන්නායි, මාලේ, හුල්හුමාලේ සහ සීෂෙල්ස් යන විදේශීය ශාඛා හතරකින් සහ ලන්ඩනයේ ක්‍රියාත්මක පූර්ණ අනුබද්ධිත බැංකුවකින් සමන්විත ලංකා බැංකුව, මෙරට ආර්ථිකයේ ප්‍රධානතම කොටස්කරුවෙක් වන අතර, විවිධ මූල්‍ය සේවාවන්, මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම, ඉතුරුම් සහ සකසුරුවම ප්‍රවර්ධනය, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ ජීවනෝපාය සංවර්ධනය ආදී සංකල්පයන් තුළින් සමස්ත ශ්‍රී  ලාංකේය ජාතියම සවිබල ගන්වන ප්‍රධානතම ආයතනයකි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ලංකා බැංකුවේ අතිරේක මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා  රජයට, ශ්‍රී  ලංකා මහ බැංකුවට, ලංකා බැංකුවේ සියලුම පාර්ශ්වකරුවන්ට සහ සියලුම ගනුදෙනුකාර භවතුන්ට සිය හෘදයාංගම ස්තුතිය පුද කරයි.  

“අපගේ වටිනා ගනුදෙනුකාර භවතුන් සහ සියලුම සහෝදර ශ්‍රී  ලාංකික ජනතාව ලංකා බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය අපට ලැබී තිබෙන ප්‍රධානතම සම්මානය බව පැවැසිය යුතුමයි. ලංකා බැංකුව මේ රටේත්, ජනතාවගේත් සමාජ, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවන බැංකුවක්. මෙම දැක්ම සමඟින් නව්‍යකරණය වූ මූල්‍ය සේවාවන් හා ඩිජිටල්කරණය, තුළින් ශ්‍රී  ලාංකේය මූල්‍ය  ක්‍ෂේත්‍රය පරිවර්තනය කරමින්  රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපගේ අරමුණයි. ලංකා බැංකුව ලැබූ මෙම ජයග්‍රහණය ගැන අපි නිහතමානීව ආඩම්බර වෙනවා. ඒ වගේම අපගේ සියලුම පාර්ශ්වකරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදීත් කැපවන බව මම අවධාරණය කිරීමට කැමැතියි” යනුවෙන් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.