2021 රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදාන උලෙළ අගමැති ප්‍රධානත්වයෙන්

0
24


සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය විසින් මෙහිදී සමරු කලාපය හා 90 දශකයේ නාට්‍යකරුවන් පිළිබඳ ලියැවුණු අභිනය කලාපය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබුවාය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සුරතින් මෙහිදී නාට්‍ය කීර්ති සම්මාන ප්‍රදානය සිදුවූ අතර එෆ්. ජූල්ස් කොලින්, ලලිතා සරච්චන්ද්‍ර හා නීල් අලස් යන මහත්ම මහත්මීහු මෙසේ නාට්‍ය කීර්ති සම්මානයෙන් පිදුම් ලැබූහ. 

වසරේ හොඳම නළුවා ලෙස කෙටි නාට්‍ය (සිංහල) දේශාන් සේනාරත්න, වසරේ හොඳම නිළිය කෙටි නාට්‍ය (සිංහල) ආශංසා පීරිස්, වසරේ හොඳම නළුවා සම්මානය දිගු නාට්‍ය (සිංහල) සමිත සුධීෂ්වර, වසරේ හොඳම නිළිය දිගු නාට්‍ය (සිංහල) නිපුණි ශාරධා පතිරගේ සම්මානයට පාත්‍ර වූහ. සිංහල හා දෙමළ නාට්‍යවලට අදාළව කුසලතා සහතික, ජූරියේ විශේෂ සම්මාන ඇතුළුව සම්මාන 96ක් මෙහිදී පිරිනැමිණි. 

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්ම මහත්මීහු සහ නළු නිළියෝ ඇතුළු සම්භාවනීය කලාකරුවෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය