සෞදි සංවර්ධන අරමුදලේ සහාය අඛණ්ඩව දෙනවා

0
12


සඳුනි ගමාරච්චි 

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සහ ශ්‍රී ලංකාවේ ඇති තවත් ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට සෞදි රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි සෞදි තානාපති අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති (Abdulnasser Hussain Al-Harthi) පැවැසීය.

සෞදි සංවර්ධන අරමුදලේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂා කරන බවද අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවසා ඇත.

සිය සේවා කාලය නිම කර දිවයිනෙන් පිටත්ව යන අබ්දුල්නසර් මහතා ඊයේ (29දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය.  

ආයෝජන කලාප ආශි්‍රතව විශේෂ බදු සහන රැසක් පවතින අතර ඔෟෂධ, තාක්ෂණ සහ ඇඟලුම් කර්මාන්තය ආශි්‍රත සෘජු ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින පුළුල් අවස්ථා ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නැව් අලුත්වැඩියා සහ නිෂ්පාදන ආයතනය ආශි්‍රතව ඇති ආයෝජන අවස්ථා සඳහා ජනාධිපතිවරයා සෞදි රජයට ආරාධනා කළ අතර සෞදි සංවර්ධන අරමුදල යටතේ මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට දක්වන සහායට ස්තුතියද පිරිනමා ඇත.

ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ සෞදි රාජ්‍යයේ මෙරට නියෝජ්‍ය තානාපති අබ්දුල්ලා ඒ. ආර්කොබි (Abdullah a. Aorkobi) යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.