සෙලාන් බැංකුව, ඔබ අපේක්ෂා කරන ලෙසින්ම ඔබේ ජීවන රටා වැඩිදියුණු කිරීමට “සෙලාන් ඇක්සලරේට්” හඳුන්වා දෙයි

0
26

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, වෘත්තිකයන්ට සිය ජීවන රටා වැඩි දියුණු කරගැනීමට අත්වැලක් වීම සඳහා “සෙලාන් ඇක්සලරේට්” (Seylan Accelerate) නමින් සුවිශේෂී විසඳුමක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. 

කොවිඩ්-19 හේතුවෙන් පසුගිය කාලය තුළ බොහෝ දෙනකුගේ ජීවන රටාවට එල්ල වූයේ දැඩි බලපෑමකි. එවැනි පසුබිමක් හමුවේ, ජීවන රටා වැඩි දියුණු කරගැනීමට උපකාරී වන මූල්‍යමය විසඳුම් සඳහා වෙළෙඳපොළේ ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින බව, සෙලාන් බැංකුව විසින් සිදුකරන ලද පර්යේෂණයකදී පෙනී ගියේය. සෙලාන් බැංකුව “සෙලාන් ඇක්සලරේට්” හඳුන්වාදීමට කටයුතු කළේ එම ඉල්ලුම සපුරාලීමේ උත්සාහයක් වශයෙනි. රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු, ස්ථාවර වැටුප්, දීමනා සහ අතිරේක ආදායම් ලබන වෘත්තිකයන්ට සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් ලැබෙන පරිදි “සෙලාන් ඇක්සලරේට්” සැලසුම් කර තිබේ. 

“අපගේ වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන් වෙනුවෙන් “සෙලාන් ඇක්සලරේට්” හඳුන්වා දීමට හැකිවීම අපට මහත් සතුටක්. අධ්‍යාපනය, වෘත්තීය ජීවිතය සහ “ඩේටා මූලික කරගත්” ජීවන රටා සම්බන්ධයෙන් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට මෙය සුවිශාල අත්වැලක් වේවි. මූල්‍ය සේවා සම්පාදකයකු ලෙස අපට අවශ්‍ය වන්නේ, කිසිදු භේදයකින් තොරව, උත්සාහවන්තයන්ට තම සිහින සැබෑ කර ගැනීමට අත්වැලක් වීමයි. ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට අප ඉහළම ප්‍රමුඛත්වයක් ලබා දී ඇති අතර, එමඟින් ඔවුන්ට තම අරමුණු ඉටුකරගැනීම පහසු වන බව අප දන්නවා. “සෙලාන් ඇක්සලරේට්” සඳහා ප්‍රමුඛපෙළේ සන්නාම රාශියක්ද හවුල් කරගැනීමට අපට හැකි වුණා. ඒ ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන් මහන්සියෙන් උපයාගත් මුදල්වලට උපරිම වටිනාකමක් හිමිවේවි. ඉදිරියේදී ඔවුන්ගේ ජීවන රටා තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා තවත් සන්නාම රාශියක් සමඟ අත්වැල් බැඳගැනීමට අප බලාපොරොත්තු වෙනවා” යනුවෙන් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ශාඛා) දිමුත් සිගේරා මහතා පැවසීය.

“සෙලාන් ඇක්සලරේට්” ගිණුම් හිමියන්ට උසස් අධ්‍යාපන ආයතන, ක්‍රීඩා උපකරණ අලෙවිසල්, ඇඟලුම් හා ජීවන විලාසිතා අලෙවිසල් සහ ආපනශාලා ආදියේදී සුවිශේෂී වට්ටම්, පහසු ගෙවීමේ ක්‍රම සහ දීමනා හිමිවන ඩෙබිට් කාඩ්පතක් ලැබෙනු ඇත. American National College, Business Management School, Sri Lanka Institute of Marketing, Fashion Bug, Hameedia, Dialog, Singer, Power World, Fitness Firsවැනි ප්‍රමුඛ පෙළේ සන්නාම මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන සිටී.