සිංහගිරි සමඟ EWIS Colombo සහයෝගිතාවෙන් ශ්‍රී ලංකාවට නැවුම් රූපවාහිනි අත්දැකීමක්

0
17


ශ්‍රී ලංකාවේ රූපවාහිනී කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරවන ව්‍යාපාරික සහයෝගිතාවක් 2022 මාර්තු මස 09 වැනි දින ප්‍රකාශයට පත් විය.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන නාමයක් වන සිංහගිරි (පෞද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකාවේ අනර්ඝතම ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයකු වන EWIS Colombo  සමාගම ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික

 නිෂ්පාදන නිපදවීමේ පෙරළිකාර වෙනසක් සිදුකරමින්  SGL  වෙළෙඳනාමයේ රූපවාහිනී වෙළෙඳපොළට හඳුන්වාදී ඇත. මෙය ශ්‍රී ලංකාව තුළ රූපවාහිනී නිෂ්පාදනය කිරීමට පියවර තැබූ ප්‍රථම අවස්ථාව වන අතර එය රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් දායක වෙමින් අනාගතයේ ව්‍යාපාරික අවස්ථාවන් රැසක් විවර කරදීමට ඉඩ සලසනු ඇත. මෙම සහයෝගිතා ගිවිසුම සඳහා සිංහගිරි (පෞද්ගලික) සමාගම වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරිනි මහේෂි ආනන්දසිරි මහත්මිය සහ EWIS Colombo  සමාගම වෙනුවෙන් සභාපති සංජීව වික්‍රමනායක මහතා අස්සන් තැබීය. EWIS Colombo සමාගමේ සාමාන්‍යාධිකාරි චාමර සහබන්දු මහතාද මෙම අවස්ථාවට එක්විය. 

සිංහගිරි (පෞද්ගලික) සමාගම නැසීගිය සුගතදාස මාරසිංහ මහතා විසින් 1972 වසරේදී ආරම්භ කළ අතර  Samsung  වෙළෙඳනාමය පළමු වරට දේශීය වෙළෙඳපොළට හ¾දුන්වාදීමට ඔහු විසින් කටයුතු කරන ලදී. පාරිභෝගික ජනතාව අතර ප්‍රචලිතව ඇති නිෂ්පාදන රැසක් ඔවුන් විසින් නිපදවන අතර ඒවා දිවයින පුරා ක්‍රියාත්මක ප්‍රදර්ශනාගාර ජාලය හරහා ලබාගත හැකිය. ප්‍රදර්ශනාගාර 100ක්, ප්‍රධානතම ප්ලාසා ප්‍රදර්ශනාගාර 12ක් සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ තීරුබදු රහිත වෙළෙඳසල මෙන්ම දිවයින පුරා ව්‍යාප්තව ඇති 100කට අධික අලෙවි නියෝජිතයන් සංඛ්‍යාවක් මේ වනවිට ක්‍රියාත්මකව පවතියි.

EWIS Colombo සමාගම EWIS  සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන අතර ඔවුන් විසින් නවීන නිෂ්පාදන සහ උපාංග හම්බන්තොට, සූරියවැව පිහිටා ඇති කර්මාන්තශාලාවේ පහසු මිල ගණන්වලට නිෂ්පාදනය කරනු ලබයි. අති නවීන නිෂ්පාදන පහසුකම්වලින් සමන්විත කර්මාන්තශාලාව  ISO 9001:2015, ISO 14001:2004 ප්‍රමිතීන්ට යටත්ව ක්‍රියාත්මක වන අතර එහි පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට්, රූපවාහිනී, ස්මාට් බෝඩ්, ජංගම දුරකථන සහ වෙනත් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හැකියාවෙන් යුක්තයි. මෙහි නිපදවන සියලුම නිෂ්පාදන CE, FCC සහ RoHS  යන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරයි. EWIS Colombo සමාගමේ කාර්යමණ්ඩලයෙන් 80%ක් පමණ නියෝජනය කරන්නේ කාන්තාවන් වන අතර වසර ගණනාවක් පුරා A Great Place to Work සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්ව සිටියි.