සන්ලයිට් ‘මනුදම් වියමන’ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගන්වයි

0
29

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් ක්ෂේත්‍රය නඟා සිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 5ක් ආයෝජනය කරයි. 

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ හදවත් දිනූ යුනිලිවර්හි ප්‍රමුඛතම සන්නාමයක් වන සන්ලයිට්, මනුදමින් බැ¾දුණු ශ්‍රී ලාංකේය බැඳීම්  සවිමත්ව ඉදිරියට ගෙන යෑමේ තවත් පියවරක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) සහ සිංගර් ෆැෂන් ඇකඩමි සමඟ එක්ව සන්ලයිට් මනුදම් වියමන සමාජ සත්කාරක වැඩසටහන හරහා ඇඟලුම් ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යළි නඟා සිටුවීමේ සුවිසල් වැඩපිළිවෙලත් සමඟිනි.

මෙම වැඩසටහන තුළින් විශේෂයෙන් ඇඟලුම් ආශ්‍රිත කර්මාන්තයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති සන්ලයිට්ල සිංගර් ෆැෂන් ඇකඩමිය සමඟ එක්වෙමින් ඔවුන්ගේ ප්‍රවීන දේශක මඩුල්ලකගේ සහභාගිත්වයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරතව සිටින 10,000ක පමණ ව්‍යවසායකයන් පිරිසකගේ කුසලතාවන් සහ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ඔන්ලයින් වැඩමුළු සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත. එහිදී මෙම වැඩසටහන සමඟ ලියාපදිංචි වූ 250 දෙනකුට ඔවුන්ගේ ව්‍යාපාර තත්ත්වයන් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් මුදල් ආධාර ලබාදීමට කටයුතු කිරීමද මෙහි විශේෂත්වයකි. 

මෙම සුවිශේෂී උපාය මාර්ගික සබැඳියාව යථාර්ථයක් බවට පත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා එක් වූ අතර තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතා, යුනිලිවර් ශ්‍රී ලංකාහි Homecare, Foods & Refreshments and Water පිළිබඳ අලෙවි අධ්‍යක්ෂිකා ෂර්මිලා බණ්ඩාර මහත්මිය ඇතුළු පිරිසක්ද ඊට එක් වූහ.