ශ‍්‍රී ලංකා මුද්‍රණ හා වෙළෙඳ ප‍්‍රදර්ශනය 2022 සඳහා JDC ප‍්‍රින්ටින් ටෙක්නොලොජීස් රන් අනුග‍්‍රාහකත්වය

0
21

ශ‍්‍රී ලංකා මුද්‍රණ ආයතනය හා මුද්‍රණකරුවන්ගේ සංගමය සංවිධානය කළ ශ‍්‍රී ලංකා මුද්‍රණ හා වෙළෙඳ ප‍්‍රදර්ශනය පසුගියදා ඕර්ධ්ඛ්ඩ් පවත්වන ලදී. JDC ප‍්‍රින්ටින් ටෙක්නොලොජීස් ආයතනය වෙළෙඳ ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන නිල අනුග‍්‍රාහකයා විය. මෙම ප‍්‍රදර්ශනය ප‍්‍රදර්ශන කුටි 150කට අධික ප‍්‍රමාණයකින් සමන්විත වූ අතර මුද්‍රණය සඳහා භාවිත කරන සියලුම වර්ගයේ නවීන නිෂ්පාදන, යන්ත්‍රෝපකරණ සහ උපකරණ ප‍්‍රදර්ශනය කරන ලදී. 

1979දී ආරම්භ කළ JDC ප‍්‍රින්ටින් ටෙක්නොලොජීස් ශ‍්‍රී ලංකාවේ මුද්‍රණ හා ඇසුරුම් කර්මාන්තයට යන්ත්‍රෝපකරණ සහ ද්‍රව්‍ය සපයන ප‍්‍රමුඛ සැපයුම්කරුවෙක් වේ. මුද්‍රණ යන්ත‍්‍ර සඳහා ලොව ප‍්‍රමුඛ නාමයක් වන Konica Minolta ඩිජිටල් මුද්‍රණ සඳහා JDC ප‍්‍රින්ටින් ටෙක්නොලොජීස් ශ‍්‍රී ලංකාවේ එකම බලයලත් නියෝජිතයා වේ. අති නවීන Konica Minolta Accorio Label AL 230 ඩිජිටල් ලේබල් මුද්‍රණ යන්ත‍්‍රය වෙළෙඳ මුද්‍රණ ක්‍ෂේත‍්‍රයට ඉමහත් රුකුලක් වනු ඇත. Konica Minolta Accorio Label AL 230 ලේබල් මුද්‍රණ යන්ත‍්‍රයේ ප‍්‍රථම යන්ත‍්‍රය මීරිගම Sanmik ප‍්‍රින්ටින් සහ පැකේජින් ආයතනය විසින් මෙම ප‍්‍රදර්ශනයේදී මිල දී ගනු ලැබීය. විනාඩියකට දික් අඩි 76ක මුද්‍රණ වේගයකින් සහ මුද්‍රණ වැඩ අතර අවම කාල පරාසයකින්, මුද්‍රණ මාධ්‍යයන් වන නොන්-ටැක්/ටැක්, ටැක් කෝට යනාදී විවිධ මුද්‍රණ කඩදාසි මත මෙම ඩිජිටල් මුද්‍රණ යන්ත‍්‍රයෙන් මුද්‍රණ ගත හැකිය. මෙහෙයුම් වේගය, නම්‍යශීලීත්වය, පෙර මුද්‍රිත මුද්‍රණ හැකියාව, නාස්තිය වළකා මුද්‍රණයේ පිරිවැය අවම කිරීමේ හැකියාව මෙයට ඇත. විලවුන්, බීම, ඔෟෂධ, කාර්මික නිෂ්පාදන සහ ආහාර ඇසුරුම් සඳහා අවශ්‍ය ලේබල් අවශ්‍යතාව පරිදි නව AL230 මුද්‍රණ යන්ත‍්‍රයෙන් කෙටි කාලයකින් මුද්‍රණය කළ හැකිය. දිනෙන් දින වෙනස් වන මුද්‍රණ කර්මාන්තය තුළ පාරිභෝගිකයන්ගේ තිරසාර වර්ධනය සඳහා පුළුල් ක්‍රමෝපායන් නිර්මාණය කරමින් උසස් තාක්‍ෂණය හ¾දුන්වාදීමට සිය සමාගමට හැකි වීම ගැන අතිශයින් සතුටට පත් වන බව JDC ප‍්‍රින්ටින් ටෙක්නොලොජීස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ චන්දුල පෙරේරා මහතා පැවැසීය.