ඔස්කා සම්මාන උළෙලේදී හොලිවුඩ් නළු විල් ස්මිත්ගේ ප්‍රහාරයට ලක්වූ ක්‍රිස් රොක්ට එම අවාසනාවන්ත සිදුවීම හරහා වාසනාව උදා වෙමින් පවතින බවට මාධ්‍ය වාර්තා පළවෙයි.
එම වාර්තාවල සඳහන් වන්නේ, පසුගිය ඉරිදා සිදුවූ මෙම පහර දීමෙන් පසුව ක්‍රිස් රොක්ගේ විකට සංදර්ශන සඳහා පැවති ප්‍රේක්ෂක ආකර්ෂණය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව ය.
මේ වන විට එම සංදර්ශන නැරඹීම සඳහා නිකුත් කෙරෙන ප්‍රවේශ පත්‍ර අලෙවිය ‘අහස උසට’ වැඩි වී ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
TickPick නමැති ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ ආයතනය පවසන්නේ, පසුගිය මාසයේදී ම අලෙවි කළ මුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවට වඩා සඳුදා රාත්රියේදී අලෙවි කළ බව ය.
ඊට අමතරව, බොස්ටන්හි පැවැත්වීමට නියමිත ක්‍රිස් රොක්ගේ සංදර්ශනයක් සඳහා අමෙරිකානු ඩොලර් 46ක් ලෙස පැවති මිල අමෙරිකානු ඩොලර් 411ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද CBS පුවත් සේවයට වාර්තා වී තිබේ.