පොහොට්ටු පක්‍ෂය රටේ මිනිස්සුන්ට පහර දීමට සිටින පක්‍ෂයක්

0
19


ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් 

ටිල්වින් සිල්වා

“ගැහුවොත් ගහනවා” යනුවෙන් පොහොට්ටු ලේකම්වරයා මාධ්‍ය හමුවකදී කළ චණ්ඩි  ප්‍රකාශයේ තේරුම කුමක්දැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නායකයෙක් වහාම රටට පැහැදිලි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ‘මව්බිම’ට පැවැසීය.

 “ගහන්න ආවොත් ගහනවා ගැහුවොත් ගහනවා” එය පක්ෂයේ ප්‍රතිපත්තියයි” යන ප්‍රකාශය. තුළින් හැඟෙන්නේ පොහොට්ටු පක්ෂය රටේ මිනිසුන්ට පහරදීමට සිටින පක්ෂයක් බව රටේ ජනතාවට පිළිගැනීමට සිදුවන බවත්  විශේෂයෙන්ම මෙවැනි ප්‍රකාශ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් බවද ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේය.

එම නිසා අදාළ ප්‍රකාශය ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ඒ මහතා අවධාරණය කළේය. මීට පෙරද තෙල් මිල රුපියලකින් දෙකකින්  ඉහළ යන විට හිටපු ඇමැති ගම්මන්පිලට ඉවත් වෙන්නැයි කී පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් මේ වන විට රුපියල් 40කින් 50කින් එකවර තෙල් මිල වැඩිවන විට කිසිවක් නොකියා මුනිවත රකින බවද ඔහු පැවැසීය. 

කෙසේ නමුත් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණට පහරදෙන බවට කිසිවෙක් තර්ජනය කර නොමැති බවද  හෙතෙම වැඩිදුරටත්  කීය.

අනුරාධා හේරත්