පා. මන්ත්‍රි මිලාන්ට සහ ප්‍රා. මන්ත්‍රි අජිත්ට එරෙහි අල්ලස් නඩුව ජුනි 09දා විභාගයට

0
14


හංසි නානායක්කාර

ගල් කොරියක බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ‍ෙදාම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් සජිත ජයතිලක  හා ‍ෙදාම්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි අජිත් සිසිර කුමාරට එරෙහි අල්ලස් නඩුව ජුනි මස 9 වැනි දින විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (29දා) දින නියම කළේය.

ඊයේ දින මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ ‍ෙදාම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් සජිත ජයතිලක  හා අජිත් සිසිර කුමාර යන විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ. 

 එසේම විත්ති පාර්ශ්වයට අදාළ ලේඛන ලබා ගැනීම සඳහා දින ලබාදෙන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

2012 වසරේදී ‍ෙදාම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටියදී ගල් කොරියක් පවත්වාගෙන යෑම සඳහා බලපත්‍ර ලබා ලබාදීමට රුපියල් ලක්ෂ 7ක අල්ලසක් ඉල්ලා රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබා ලබාගැනීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු අධි චෝදනා අටක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රි ‍ෙදාම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් සජිත ජයතිලක ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබිණි.