ප්‍රදේශ දෙකක ගිනි ගැනීම්වලින් කාන්තාවක සහ දරුවන් තිදෙනෙක් රෝහලේ

0
13

වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදේශයේ ජාතික නිවාස සංකීර්ණයේ නිවසක හදිසි ගින්නක් හට ගෙන ඇති අතර ගින්නෙන් කාන්තාවක සහ දරුවන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (මාර්තු 29) රාත්‍රී කාලයේදී ගින්න හටගෙන ඇති අතර මේ වන විට එය මැඩ පවත්වා ඇති බව ය.

නිවසේ විදුලිය නොමැති අවස්ථාවේදී නිවස තුළ තිබූ විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිනී ඇති අතර එය ක්‍රියා විරහිත වී ඇත.

අනතුරුව එය පරීක්ෂා කිරීම සඳහා ඉටි පන්දමක් දල්වාගෙන එහි ගිය අවස්ථාවේ විදුලි ජනන යන්ත්‍රය ආසන්නයේ තිබූ පෙට්‍රල් බෝතලයකට ගිනි ඇවිලීමෙන් මෙම ගිනි ගැනීම සිදු වී ඇති බවට පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර පෑලියගොඩ, දරමඩුවත්ත ප්‍රදේශයේ පිහිටි තාවකාලික නිවාස කිහිපයක හදිසි ගින්නක් හටගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ, ගින්නෙන් තාවකාලික නිවාස 3ක් විනාශ වී ඇති අතර දැරිවියක තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ය.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ වන විට ගින්න මැඩ පවත්වා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.