දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව සමඟ කාගිල්ස් සමාගම පෙරමුණට

0
48


දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SME) සහාය දැක්වීමේ සිය දීර්ඝකාලීන  වැඩපිළිවෙළ අඛණ්ඩව කරගෙන යන Cargills සමාගම, (SME) පුහුණු වැඩමුළු මාලාවක් පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්ව කටයුතු කරයි. පළමු වැඩමුළුව මාර්තු මස 03 වැනි දින රාජගිරියේ පිහිටි ශ‍්‍රී ලංකා මහ බැංකු ‘’විදු  පියස’’ ‍ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලද අතර එහි සමාරම්භක සැසිය  ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ්  කබ්රාල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජ්‍ය ආයතන, විදේශ තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන සහ විද්වතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය. මෙම පුහුණු වැඩමුළුවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 100කට අධික පිරිසක් සහභාගි විය.

මෙම පුහුණු වැඩමුළුව Cargills zVillage to Home’  වැඩසටහනේ තවත් එක් දිගුවක් වන අතර එමඟින් Cargills zVillage to Home’  පරිශ‍්‍රවල කුටි ලබාදෙමින්  රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විශාල පාරිභෝගික ජාලයක් සමඟ සම්බන්ධ වීමට වේදිකාවක් සලසා දෙයි. අද වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 100කට අධික සංඛ්‍යාවක් මෙම කාගිල්ස් ගමෙන් ගෙදරට’ වැඩසටහනට සහභාගි වී ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තම නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන ඒමේදී මුහුණ දෙන අභියෝග, එනම් මූල්‍ය සාක්ෂරතාව අඩුකම සහ වෙළෙඳපොළ ප‍්‍රමිතීන් සහ තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය වැනි අභියෝග හ¾දුනා ගනිමින්, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සාක්ෂරතා පුහුණු වැඩසටහන සමඟ එක්ව කුඩා ව්‍යාපාර හිමියන් සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීමට Cargills සමාගම කටයුතු කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මේවාට සහභාගි වීමෙන් මූලික මූල්‍ය සාක්ෂරතාව, ඇසුරුම්කරණය සහ නිෂ්පාදන සංවර්ධනය සහ තත්ත්ව සහතිකය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබෙනු ඇත. මෙම කුඩා ව්‍යාපාර හිමියන් දේශීය ආර්ථිකයට අර්ථවත් ලෙස දායක විය හැකි සාර්ථක ව්‍යවසායකයන් බවට පත් කිරීමට කාගිල්ස් සමාගම කැපවී සිටියි.