දුම්රිය පෞද්ගලීකරණය කළ යුතු බවට IMF නිර්දේශ කර ඇතැයි ඇමති කියයි

0
39

ෆාදිලා තසීම් සහ කුමුදු ජයවර්ධන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුව දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, එම නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගත හැකි බව ය.

එවැනි තීන්දුවක් ගතහොත් ඊට මුහුණ දීමට වෘත්තීය සමිතිවලට සිදුවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

“ඒ වාර්තාවේ තියෙනවා සමහරක් පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතු යි කියල. මගේ දුම්රිය ත් ඒකෙ තියෙනවා. දැන් පේනවා නේ අතිකාල පොඩ්ඩක් එහෙමෙහෙ වුණා ම කරන ඒවා. එතකොට ඉතින් IMF එකේ තියෙන ඒවා කරන්න අපි තීන්දුවක් ගන්න පුළුවන්. ඒවට එහෙනම් ඒ කණ්ඩායම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”