ජනතාව පෝලිමේ ඉන්නවා දැක්කම දුකයි

0
17


තරිඳු නානායක්කාර

“ජනතාව පෝලිම්වල සිටිනවා දකින විට මට මහත් දුකක් දැනෙනවා” යැයි වාරිමාර්ග ඇමැති චමල් රාජපක්‍ෂ පැවැසීය.

කොළඹ ඊයේ (29දා) පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පවසා සිටියේ තමන්ට තවමත් ගමට යෑමේ හැකියාව ඇති නමුත් ජනතාව පෝලිම්වල සිටීම දුක් ගෙන දෙන්නක් බවයි.

මේ වන විටත් පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉල්ලා අස්වීම් සිදු කිරීමෙන් පලක් නොමැති බවත් අවශ්‍ය වන්නේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම බවත් හෙතෙම කීය. තෙල් සහ ගෑස් පෝලිම්ල සිටින ජනතාව ආණ්ඩුවට තදින් ‍ෙදාස්  පැවැරීම පිළිබඳව ඉතා හොඳින් දැනුවත් නමුත් රජයෙන් ඒ සඳහා ලබාදෙන උත්තර ප්‍රමාණවත් නොවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.