“ගැහුවත් ගහනවා, ගහන්න ආවත් ගහනවා, ඒක තමයි අපේ පක්ෂය” – සාගර කාරියවසම්

0
44

පිරිසක් පසුගිය දා ජනාධිපතිවරයාගේ නිවස වැටලූ ආකාරයට තම නිවස වැටලුවා නම්, ඔවුන්ට ඒ ආකාරයට පිටවීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය. 

පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මහතා මේ බව පැවසූ අතර “ගහන්න ආවොත් ගහනවා” “ගැහුවත් ගහනවා” ඒක තමයි අපේ පක්ෂය යනුවෙන් ද කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා මෙසේ ද කීය. 

“අපි කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී දේශපාලනයක්.

මට කවුරුහරි පහරදෙන්න ආවොත් මම බලන් ඉන්නේ නැහැ. මගේ ආරක්ෂාව මම සපයාගන්න අවශ්‍යයි. ගැහුවොත් ගහනවා තමයි. මේක චන්ඩි පාට් එකක් නෙමෙයි. 

අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් කරන විට කවුරුහරි අපට ගහන්න එනවා නම් අපි ඒක ඉවසන් ඉන්නේ නැහැ.