කේශර මිනරල්ස් ඇන්ඩ් කෙමිකල්ස් සමාගම IDB රන් සම්මානයෙන් පිදුම් ලබයි

0
36

මධ්‍යම පළාතේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක් වන කේශර සමූහයට අනුබද්ධිත කේශර මිනරල්ස් ඇන්ඩ් කෙමිකල්ස් (පෞද්) සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී ඛනිජ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ජීවමාල් ජයවර්ධන මහතා 1994දී සේවකයන් දෙදෙනකු සමඟින් කේශර එන්ටප්‍රයිසස් නමින් සිය ව්‍යවසායකත්ව චාරිකාව ඇරැඹීය. එතෙක් පැවැති සාම්ප්‍රදායික අළුහුණු කර්මාන්තය උඩු යටිකුරු කරමින් දිවයිනට ප්‍රථම වතාවට පවුඩර් කරන ලද අළුහුණු ඉදිරිපත් කළේය.  2002දී ව්‍යාපාරය පෞද්ගලික සමාගමක් බවට පත් කරමින් 2003.03.06 දිවයිනේ ප්‍රථම වතාවට අළුහුණු නිෂ්පාදනයට ඉඹ්ඉ සහතිකය ලබාගත්තේය.  

ව්‍යාපාරය තාක්ෂණිකව හා ක්‍රමෝපායිකව යාවත්කාලීන කිරීම මෙන්ම ඇසුරුම්කරණයේදී හා බෙදාහැරීමේදී පොලිතින් භාවිතය අවම කිරීමට සයිලෝ හා බල්කර් ටැංකි භාවිත කරමින් පරිසර හිතකාමී ලෙස නිෂ්පාදන කටයුතු සිදුකිරීම සමාගමේ විශේෂත්වයයි. කේශර සමූහ ව්‍යාපාරයේ සභාපති ජීවමාල් ජයවර්ධන මහතාගේ ප්‍රමුඛ දැක්ම වන්නේ සමාජ වගකීමක් සහිත ව්‍යාපාරයක් නිර්මාණය කිරීමයි. ඉදිරියේදී ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කරමින් කේශර සමූහ ව්‍යාපාරය දේශීය ආර්ථිකයට ශක්තියක් වීමට අපේක්ෂා කරයි. කේශර අළුහුණු, කේශර ස්කිම් කෝට්, කේශර ටයිල් මාස්ටර් සමූහයේ ප්‍රධාන නිෂ්පාදන වන අතර දිවයිනේ ගොවිබිම් සරු කරවීමට කේශර ඩොලමයිට් ඇසුරුම ඉදිරිපත් කරමින් කෘෂිකර්මාන්තයට නව එළියක් ලබා දී ඇත. මධ්‍යම පළාත් තරු සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා ඇති කේශර නිෂ්පාදන දිවයින පුරා පිහිටි ගොඩනැඟිලි ද්‍රව්‍ය සහ කෘෂි නිෂ්පාදන අලෙවිසල්වලින් ලබාගත හැකිය.