උසාවියේදී මුණ ගැහෙමු

0
12


අනුරාධා හේරත් 

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කීර්ති නාමය බිලියන 1000 කින් තහවුරු කරන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ කීර්තිනාමය ටි්‍රලියන ගණනකට වඩා අධික බව ඇමැති ජොන්ස්ටන් අධිවේග ගනුදෙනුව….

ගැන අභියෝග කරන්නේ නම්, උසාවියේදී මුණගැසී නීතියෙන් ප්‍රශ්නය විස¼දා ගැනීමට සූදානම් බවත් දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය. 

එම නිසා ඇමැතිවරයා විසින් තමාට එරෙහිව එවූ එන්තරවාසියට ‘දූෂණ විරෝධී හඬ නීතිඥවරුන් හරහා පිළිතුරු ලබා දීමට සූදානම් බව සමරසිංහ මහතා කීය. සමරසිංහ මහතා පැවැසුවේ මධ්‍යම අධිවේගයේ රඹුක්කන ගලගෙදර කිලෝමීටර් 20 කොටස ඉදිකිරීමේදී භාණ්ඩාගාරයට යා යුතුව තිබූ රුපියල් කෝටි 16,440ක් අහිමි වූ බවට තම පාර්ශ්වය කළ තර්කය ඉතා නිවැරදි බවය. 

අදාළ මාර්ග කොටස ඉදිකිරීම සම්බන්ධව තරගකාරී ටෙන්ඩර් සංකල්පය වෙනුවට සිදුකර ඇත්තේ රුපියල් බිලියන 210කට තරග කළ චීන සමාගම වෙනුවට ආයතන 5ක් එක්ව රුපියල් බිලියන 374.4ක් ඉදිරිපත් කළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබාදීම බවත් එමඟින් සිදුව ඇති අලාභය රුපියල් කෝටි 16,440ක් බවද ඔහු පෙන්වා දුන්නේය. 

ඒ අනුව කීර්තිනාමයට හානි වන ලෙස වැඩ කළේ තමා නොවන අතර පැහැදිලිවම කීර්තිනාමයට හානි කරගත්තේ රජයට බදු නොගෙවා කල් මරමින් උසාවි නඩු රාශියක් තියෙන ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාම බවත් ඔහු පැවැසීය. 

මේ සා විශාල වංචාවක් කිරීම සම්බන්ධව තමන්ගේ නමට හානියක් වූ බවට ජොන්ස්ටන් ඇමැතිවරයා තර්ක කරන්නේ කුමන පදනමකින්ද යන්න හෙතෙම වැඩිදුරටත් ප්‍රශ්න කළේය.