ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය අත්හැරීමට සිදුවන ලකුණු

0
795

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දේශපාලනික වශයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉම්රාන් ඛාන් නායකත්වය දරන ටෙරීක් ඊ ඉන්සාෆ් (PTI) පක්ෂයේ ප්‍රධාන මිත්‍ර පක්ෂය වන Muttahida Qaumi Movement Pakistan පක්ෂය එරට විපක්ෂය වන පකිස්ථාන මහජන පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇති බව ය.

ඒ අනුව, ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවට විශ්ලේෂකයින් මත පළ කර තිබේ.‍

මේ සම්බන්ධයෙන් අද පස්වරුවේ පකිස්ථාන කැබිනට් මණ්ඩලය රැස්වීමට ද නියමිත ය.