ඉන්ධන, ආහාර ගැන බොරුවට බය වෙන්න එපා ලු

0
93

ඉදිරියේදී ඉන්ධන සහ අහාර හිඟයක් උද්ගත වනු ඇති බවට බිය විය යුතු නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ‘වාරි සෞභාග්‍යා’ වැඩසටහනේ දෙවන අදියර සඳහා අද (මාර්තු 30) අරලියගහ මන්දිරයේ සිට ඉන්ටර්නෙට් ඔස්සේ එක්වූ අවස්ථාවේදී ය. 

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා…

“අපි දන්නවා අද දුෂ්කරතා රැසකට ම ජනතාව මුහුණ දෙනවා. සමහරු හිතන් ඉන්නවා අපි මේවා දන්නේ නෑ කියලා. නොදන්නවා වගේ ඉන්නවා ද කියල ත් අහනවා. ඒ නිසා තමයි අපි මේ වේලාවේ සර්ව පාක්ෂික සමුළුවක් පසුගිය දවසක කැඳවලා හැමෝ ම අදහස් කරගෙන මෙයින් ගොඩ එන විදියේ වේදිකාවක් නිර්මාණය කරන්න අපි කටයුතු කළේ.

කොවිඩ් වසංගතය අපි හිතලා නිර්මාණය කරපු එකක් නෙමෙයි. සමහරු මම දැක්කා ඒක ත් අපි කරා කියලා ජනතාව උසිගන්වන්න හදනවා. අපි සූදානම් හැමවේලාවේ ම විරුද්ධ පක්ෂයේ වුණත් හොඳ ප්‍රායෝගික අදහස් අරන් ඉදිරියට යන්න. රට තියෙන්නේ දේශපාලනය විතරක් කරන වේලාවක් නෙමෙයි මේක. මම හිතන්නේ මේ වෙලාවේ රට ගැන හිතලා හැමෝම වැඩ කළ යුතු වෙලාවක් කියලයි මම විශ්වාස කරන්නේ. මේ නිසා සර්ව පාක්ෂික සමුළුවට නාපු අයටත් ඊළඟ වතාවේ එක්වන්නැයි කියලා අපි ආරාධනා කරනවා. 

අලුත් අවුරුදු සමය ළඟ ළඟ එනවා, ඇත්ත ප්‍රශ්නය දැක්ක ත් හෙට අනිද්දාට ඉන්ධන නැති වෙයි, ආහාර නැති වෙයි, හැම දේ ම වැඩි වෙයි බොරු බියක් ඇති කර ගන්න ඕනේ නෑ.”