අවුරුද්දට ගමේ යන්න බස් සේවාවක්

0
10


තරිඳු නානායක්කාර 

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා පොදු බස් රථ සේවාවක් හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ. 

ඒ අනුව අලුත් අවුරුදු මගී ප්‍රවාහන සේවාව අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයුම් මැදිරියකින් මෙහෙයවීමට කටයුතු යොදා ඇත. 

එම වැඩපිළිවෙළ මෙම වසරේ අප්‍රේල් 08 වැනිදා සිට 15දා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. පළමු අදියර යටතේ කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයේ බස් සේවා සඳහා ඉල්ලුම වැඩි වුවහොත් බස් හිමියන්  නොමිලේ තාවකාලිකව මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවැසීය. 

එමෙන්ම දෙවැනි අදියර යටතේ යළි කොළඹට හා තදාසන්න ප්‍රදේශවල සිට පැමිණීමේදී ගාල්ල, මාතර, ඇඹිලිපිටිය, මොනරාගල, බදුල්ල, හැටන්, මහනුවර වැනි බස් පර්යන්තවල මගී ඉල්ලුමට සරිලන පරිදි තාවකාලික බලපත්‍ර මත බස් යෙදවීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.