අලුත් අවුරුද්දට වාසි රැසක් රැගෙන “Daraz අවුරුදු වාසි” නැවතත්

0
45

සාම්ප‍්‍රදායික අලුත් අවුරුදු අසිරිය ඩිජිටල් අවකාශයක් තුළ සජීවීකරණය කරමින්, අලුත් අවුරුද්දට අවැසි සියල්ල එකම අවකාශයකදී සමීප කරමින්, පාරිභෝගිකයාට අමතර වෙහෙස මහන්සියකින් තොරව නිවෙසේ සිටම ආරක්ෂිත ලෙස, අතැඟිලි තුඩක අගින් එසැණින් සාප්පු සවාරියේ යෙදෙන්නට පහසුකම් සලසා දෙමින් Daraz.lk වෙබ් අඩවිය විසින් “Daraz අවුරුදු වාසි” විශේෂ අලුත් අවුරුදු ප‍්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක්‍රියාත්මක කරනු ලබයි.

Daraz.lk ළඟ එන ප‍්‍රීතිමත් අලුත් අවුරුදු උත්සව සමයේ ඔබේ සාප්පු සවාරිය සතුටින් පුරවාලමින් මිලියන 5කට අධික දෙස් විදෙස් නිෂ්පාදනයන් රැසක් අතරෙන් තම සිතැඟි පරිදි භාණ්ඩ තෝරා ගන්නට 80%ක් දක්වා දැවැන්ත වට්ටම් හා රුපියල් මිලියන 30ක් වටිනා වට්ටම් රැසක් පිරිනමයි. ඔබේ ප‍්‍රියතම ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකථන, නවීන විලාසිතාවන්ගේ ඇ¾දුම් පැල¾දුම් වර්ග රැසක්, සෙල්ලම් බඩු, රූපලාවණ්‍ය උපකරණ, ක්‍රීඩා උපකරණ, මෝටර් සයිකල් මෙන්ම එදිනෙදා දිවිය පහසු කරන නිෂ්පාදනයන් රැසක් සඳහා “අඩුම මිල ගණන්”, පොලී රහිත මාසික ගෙවීමේ ක්‍රම, තෝරාගත් බැංකු කාඩ්පත් සඳහා 12%ක අමතර වට්ටම් ඇතුළු තවත් සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක් සපිරිව සදා මතකයේ රැ‍ෙ¾දන අසිරිමත් අන්තර්ජාල සාප්පු සවාරියක මිහිර මෙවර “Daraz අවුරුදු වාසි” සමඟ ලබාගත හැකිය.

විනෝදාත්මක ඔන්ලයින් ක්‍රීඩා හා නොමිලේ දීමනා යනාදී විශේෂ ප‍්‍රවර්ධන රැසක්ද මෙවර “Daraz අවුරුදු වාසි” ප‍්‍රවර්ධන වැඩසටහන තුළ අන්තර්ගත වේ. ප‍්‍රවර්ධන කාල සීමාව තුළ “One Rupee game” ක්‍රීඩාව සමඟ එක්ව Daraz Points වෙතින් ගෙවීම් කරන විට iPhone 13, අගල් 55 Samsung රූපවාහිනි, Innovex රෙදි සෝදන යන්ත‍්‍ර, ASUS ලැප්ටොප් වැනි දෙස් විදෙස් ප‍්‍රමුඛ පෙළ සන්නාමයන්ගේ නිෂ්පාදන රැසක් රුපියලක් වැනි ඉතා සුළු මුදලකට දිනා ගැනීමේ අවස්ථාවත් ඔබට උදාවේ.

“Daraz Live” විශේෂාංගය හරහා විනෝදාස්වාදය ලබන අතරවාරයේ වටිනා ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවද මෙවර “Daraz අවුරුදු වාසි” ප‍්‍රවර්ධන වැඩසටහන සමඟ එක්වන ඔබට හිමි වේ. තවද Daraz සමඟ පළමුවරට එක්වන ගනුදෙනුකාර භවතුන් සඳහා රු. 50ක රීලෝඩ්  පහසුකමක් සමඟ පළමු මිලදී ගැනීමට රු. 250ක විශේෂ මිල අඩු කිරීමක් මෙවර “Daraz අවුරුදු වාසි” ප‍්‍රවර්ධන වැඩසටහනේදී ලබාදෙයි. තවද “Build Your Basket” පහසුකම භාවිත කරමින් මිලදී ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ 7ක් සඳහා 10%ක විශේෂ වට්ටමක් ලබාගැනීමට හැකිවේ.