අර්ධ අවසන් පූර්ව තරග 5ක් අද

0
20


ඉෂාන් රෂ්මිත

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ටියර් ‘ඒ’ එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත ජෝශප් සහ කොළඹ වෙස්ලි දෙවිදුහල් අතර වන අර්ධ අවසන් පූර්ව තරගය අද (30දා) කොළඹ තර්ස්ටන් පිටියේදී පැවැත්වේ.

පසුගිය වසරේ ශූර ශාන්ත ජෝශප් විද්‍යාලය මෙවර අපරාජිතව පසුවෙමින් තම කාණ්ඩයේ ශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර තෙවැනි ස්ථානය හිමිකරගනිමින් කොළඹ වෙස්ලි විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයකු වන ෂෙවොන් ඩැනියෙල් කොළඹ ශාන්ත ජෝශප් පිල මෙහෙයවනු ලබන අතර, ශ්‍රී ලංකා යොවුන් පිල මෙහෙයවූ දුනිත් වෙල්ලාලගේ සහ සදීෂ් ජයවර්ධන ද ශාන්ත ජෝශප් පිල නියෝජනය කරනු ඇත. ෂාහිල් ඩයස් විසින් කොළඹ වෙස්ලි විද්‍යාලය මෙහෙයවනු ලබයි.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල සංචිතය:

ෂෙවොන් ඩැනියෙල් (නායක), දුනිත් වෙල්ලාලගේ, සදීෂ් ජයවර්ධන, හිරුන් මතීෂ, මිතිර තෙනුර, හිරාන් ජයසුන්දර, එල්. දිසානායක, රිශ්ම අමරසිංහ, දේශාන් සෙනෙවිරත්න, ළහිරු අමරසේකර, අභිෂේක් ජයවීර, කෙනාත් ශෂ්මිණ, ෂෙනුක් සේරසිංහ, දුල්වින් සොයිසා, දිනෙත් ජයකොඩි, ආසිරි කල්දේරා (කණ්ඩායම් භාර ආචාර්ය), ඩිලන් රාමනායක (ප්‍රධාන පුහුණුකරු), කවිඳු පෙරේරා (සහාය පුහුණුකරු), ළහිරු වික්‍රමසිංහ (සහාය පුහුණුකරු)

කොළඹ වෙස්ලි විද්‍යාල සංචිතය:

ෂාහීල් ඩයස් (නායක), අනුදිත් වික්‍රමසිංහ (උප නායක), ෂෙමිල ලියනගේ, ටිල්ෂාන් සේනානායක, රඛිත ප්‍රනාන්දු, ආකාෂ් ඩාවුඩ්, ලිනාල් සුබසිංහ, දිසුල යාපා, සනිතු අමරසිංහ, චමත් ගෝමස්, අශාන් ඉෂිර, උවින් පෙරේරා, රවිඳු සිගේරා, තරංග ප්‍රනාන්දු, ශකේෂ් මිනන්, පහන් පහන් බි්‍රටෝ, යබේස් බ්ලේසින්ග්, වසන්ත කස්තුරිආරච්චි (කණ්ඩායම් භාර ආචාර්ය), කීර්ති ගුණරත්න (ප්‍රධාන පුහුණුකරු), ශානුක ජීවන්ත (සහාය පුහුණුකරු), කාවින්දන පෙරේරා (සහාය පුහුණුකරු)  

මෙම තරගාවලියේ පළමු කොටසේ ටියර් ‘ඒ’ එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර අර්ධ අවසන් පූර්ව තරගය අද (30දා) කොළඹ ආනන්ද විදුහල් පිටියේදී පැවැත්වේ.

කොළඹ මහානාම විද්‍යාලය මෙවර තරගවාරයේ අපරාජිතව තම කාණ්ඩයේ ශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර තෙවැනි ස්ථානය හිමිකරගනිමින් කොළඹ වෙස්ලි විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.

දෙවිඳු කැකිරිදෙණිය විසින් කොළඹ මහානාම විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, පවන් සුවහස් විසින් කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාල පිල මෙහෙයවනු ලබයි.

කොළඹ මහානාම විද්‍යාල සංචිතය:

දෙවිඳු කැකිරිදෙණිය (නායක), විරංග යේෂාන්, ඔමේෂ් උදාර, සචිර වැලිවත්ත, නිහිඳු පෙරේරා, දුවිඳු රණතුංග, සෙතුම් කෙනුල, අංජල බණ්ඩාර, දසිත් ගුණතිලක, කූජන පෙරේරා, ඉනුක කරන්නාගොඩ, නදීෂ් යසිරු, කවිඳු අමානෙත්, ධනුජ සඳළිඳු, භානුල අල්ගෙවත්ත, තරිඳු ලක්ෂාන්, අනුක් විජේවර්ධන, රුවින් සංකල්ප, හසිත් හන්සිඳු, වෙනුක් හෙට්ටිආරච්චි, රොෂාන් බණ්ඩාර (කණ්ඩායම් භාර ආචාර්ය), කැළුම් ගංගොඩවිංල (ප්‍රධාන පුහුණුකරු), සොනාල් දුල්ෂාන් (පුහුණුකරු) 

කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාල සංචිතය:

පසන් සුවහස් (නායක), අශේන් ද සොයිසා (උප නායක), යොහාන් සොයිසා, සචින් සේනානායක, විදුනෙත් විල්සන්, මෙවන් දිසානායක, ෂෙරොන් කන්නංගර, ෂෙනෙල් සමරතුංග, චමත් චාතූර්ය, මධුමාල්, අර්ෂන් ජොශප්, අක්ෂාර් සෙල්වනායගම්, ඩිලාන් මලින්ත, පංකජ පෙරේරා, විහාර අත්තනායක, හරේන් ඔලගම, කෝජිත හිම්සර, ෂාරුජන් ෂන්මුගනාදන්, අවීෂ සඳරුවන්, හසංග නානායක්කාර, ඩිල්ෂාන් විමුක්ති සහෝදරතුමා (කණ්ඩායම් භාර ආචාර්ය), රනේෂ් පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), අමල් ප්‍රනාන්දු (පුහුණුකරු), මධුෂාන් කුලරත්න (පුහුණුකරු)  

19න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ටියර් ‘බී’ එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර වන අර්ධ අවසන් පූර්ව තරගය අද (30දා) කොළඹ නාලන්දා විදුහල් පිටියේදී පැවැත්වේ.

19න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ටියර් ‘ඒ’ එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද (30දා) පැවැත්වේ.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර වන අර්ධ අවසන් පූර්ව තරගය අද (30දා) කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල් පිටියේදී පැවැත්වේ. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර වන අර්ධ අවසන් පූර්ව තරගය අද (30දා) මොරටුව වේල්ස් කුමර විදුහල් පිටියේදී පැවැත්වේ.