අද (මාර්තු 30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.
ඒ අනුව, අද උදෑසන 8.00 සිට සවස 2.00 දක්වා පැය 6ක කාලයක් සහ සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 4ක කාලයක් G සිට L දක්වා කලාපවලට විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
එමෙන් ම, සවස 2.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 10ක කාලයක් A සිට B දක්වා කලාපවලට විදුලිය කප්පාදු කිරීමට නියමිත ය.
තව ද අද උදෑසන 8.00 සිට සවස 2.00 දක්වා පැය 6ක කාලයක් සහ සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 4ක කාලයක් T සිට W දක්වා කලාපවලට විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
P සිට S දක්වා වූ කලාප සඳහා සවස 2.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 10ක කාලයක් විදුලිය කප්පාදු කිරීම නියමිත ය.
ඊට අමතරව M සිට Z දක්වා නව කලාප කිහිපයක් එකතු කර ඇති අතර එම කලාපවලට උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා පැය 10ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
විදුලිය කැපෙන වේලාවන් මෙතැනින් බලන්න…