හීනටිගල ශාරිපුත්‍ර විදුහලේ ලේ දන්දීමේ වැඩසටහන

0
23


හබරාදුව – අනුර ප්‍රියන්ත

හබරාදුව අධ්‍යාපන කොට්ඨාසයේ හීනටිගල ශාරිපුත්‍ර මහා විද්‍යාලයට වසර 125ක් සපිරීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතිය ආචාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරක් පසුගියදා (21) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

විද්‍යාලයීය විදුහල්පති එච්.ඒ.ආර්. ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය එක්ව මෙම 125 වැනි සංවත්සර උළෙලට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කර තිබිණි.