හබරාදුව – අනුර ප්‍රියන්ත
හබරාදුව හීනටිගල ශාරිපුත්‍ර මහ විදුහලේ පරිසර නියමු සිසු සිසුවියන්ට පරිසර නියමු නිල ලාංඡන හා සහතික පත්‍ර ප්රදානය විද්‍යාලයීය විදුහල්පති එච්.ඒ.ආර්. ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්විණි.
විද්‍යාලයීය 125 වැනි සංවත්සර උළෙලට සමගාමීව විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් විසින් පරිසර නියමු නිල ලාංඡන පැලඳවීමේ උත්සවය සංවිධානය කර තිබිණි.
එහිදී පරිසර නියමු ලාංඡන 24 දෙනකුටද හරිත වර්ණ ප්‍රදානයන් ලැබූ සිසු සිසුවියන් 15 දෙනකුටද නිල ලාංඡන ප්රදානය සිදුවිය.
මෙම අවස්ථාවට විද්‍යාලයීය පරිසර නියමු කණ්ඩායම භාර ආචාර්ය පී.එච්. චන්ද්‍රිකා, ඩී.ආර්.එස්. නිශන්කා මහත්මිය ඇතුළු විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය සහභාගි වූහ.