සිමෙන්ති කම්හලෙන් සොරාගත් ලක්‍ෂ 25ක යකඩ සමඟ අයෙක් මාට්ටු

0
17

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ

යාපනය, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට අයත් ගොඩනැඟිලිවලින් හොරකම් කරන ලද රුපියල් ලක්‍ෂ විසිපහක් පමණ වටිනා යකඩ මෙටි්‍රක් ටොන් 20ක් පමණ ළඟ තබාගත් පුද්ගලයකු කන්කසන්තුරේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබූ යකඩ කොළඹට ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා ලද ලොරිය පොලිස් භාරයට ගෙන තිබේ.

කන්කසන්තුරේ පොලිසිය කරන ලද පරීක්‍ෂණවලින් හෙළිවී ඇත්තේ යකඩ තොගය ළඟ තබා ගෙන සිටි පුද්ගලයා කොළඹට යකඩ සපයන ව්‍යාපාරිකයකුගේ අතරමැදියෙක් බවයි. ඔහුට වෙනත් පිරිසක් සිමෙන්ති කම්හලේ යකඩ අලෙවි කොට ඇති බවයි.

කන්කසන්තුරේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ කරයි.