වැලිකේමුල්ලේ දෙන්නෙක් පොරෝවලින් කොටාගෙන

0
16


බදුල්ල – නිශාන්ත  අබේගුණවර්ධන

බදුල්ල, වැලිකේමුල්ල ප්‍රදේශයේදී පෙරේදා (27දා) දින රාත්‍රි හිසට පොරොවකින් කළ පහරදීමක් නිසා  බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා  බදුල්ල, පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 50 හැවිරිදි වියේ පසුවන බදුල්ල, වැලිකේමුල්ල පදිංචි පුද්ගලයන් බවද පොලිසිය කීය.

ආසන්න නිවෙස් දෙකක පදිංචිකරුවන් වන මොවුන් අතර කලක සිට පැවැති ආරවුලක් මත පෙරේදා (27දා) පස්වරු ගැටුමක් ඇතිවී ඇති අතර එහිදී එල්ල කළ  පොරෝ පහරවල්වලින් මෙම දෙදෙනාගේම හිසට බරපතළ තුවාල වී ඇතැයිද වාර්තා වේ.

මේ පිළිබඳව කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවැසුවේ, පස්වරු 7.30ත් 8ත් අතර කාලසීමාව තුළ හිසෙහි බරපතළ කැපුම් තුවාල සහිතව බීමත්  පුද්ගලයන් දෙදෙනකු ප්‍රතිකාර සඳහ හදිසි ප්‍රතිකාර අංශය වෙත ඇතුළත් කළ බවයි. ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බවත් ඔවුන්ට වී ඇති තුවාලවල ස්වභාවය මත එක් අයකු සුව කර ගැනීම සඳහා රුපියල් මිලියන දහයක් පමණ වැය වනු ඇති බවත් පැවැසීය.

බදුල්ල කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල සහ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති 

උප පොලිස් පරීක්‍ෂක ගීත් රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුරටත් විමර්ශන කරන බවද පොලිසිය කියයි.