රටේ ගැබිනි මවුවරුන්ට සහ දරුවන්ට මන්දපෝෂණ අවදානමක්

0
19

“මව්බිම” කළ විමසීමකට පිළිතුරු දෙමින් මේ බව කී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

“අද රටේ දිනෙන් දිනම වැඩිවන ජීවන වියදම ජනතාවට දරාගන්න බැහැ. ආහාර වේලකට වැය කරන්න හැකිවන මුදල වැඩිවන නිසා පෝෂ්‍යදායි ආහාර නොලැබී යන තත්ත්වය මත ගැබිනි මවුවරුන්ට හා කුඩා දරුවන්ට එය තදින්ම බලපාලා තියෙනවා. වැඩෙන පුද්ගලයකුට දවසකට කාබෝහයිඩ්ට්‍රේඩ් ග්‍රෑම් 200ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 100ක්, එළවළු ග්‍රෑම් 100ක්, පලතුරු ග්‍රෑම් 100ක්, තෙල් ග්‍රෑම් 20ක්, ලුණු ග්‍රෑම් 05ක් ආහාරයට ගන්න ඕනේ. මේ ප්‍රමාණය කීයෙන් කීදෙනකුටද අද ලබාගන්න පුළුවන් වෙන්නේ කියලා බලන්න වෙනවා.

වර්තමානයේ රටේ ජීවන තත්ත්වය බැලුවහම පුද්ගලයකුට ආහාර සඳහා වෙන්කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය තව තවත් අඩුවෙමින් යනවා. එවිට ලැබෙන දෛනික ආදායම සමබල ආහාර වේලක් ගැනීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය, අවශ්‍ය විටමින් ප්‍රමාණය, ඛනිජ ලවණ ප්‍රමාණය අවශ්‍ය පමණට ලැබෙන්නේ නැහැ. ගැබිනි මවකට සාමාන්‍ය කෙනකුට වඩා වැඩි පෝෂ්‍ය මට්ටමක් අවශ්‍ය වෙනවා දරුගැබක් දරාගෙන ඉන්න නිසා. සමබල ආහාර වේලක් නොලැබීමෙන් ඇතිවන මන්දපෝෂණය නිසා එය රටේ අනාගතයට  බරපතළ අවදානමක් ඇතිකරන්න පුළුවන්.

රටක් ඉදිරියට යන්න නම්, දියුණු වෙන්න නම් ඒ රටට දියුණු මානව ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. දියුණු මානව ප්‍රග්ධනයක් කියන්නේ අධ්‍යාපනයෙන් උගත් වගේම නිරෝගී භාවයත් තියෙන්න ඕනේ. දැනටමත් අපේ රටේ බෝනොවන රෝගවලින් පෙළෙන විශාල ජනතාවක් සිටිනවා. අද වේගයෙන් ඉහළ යන ජීවන වියදමත් එක්ක රටේ ජනතාවගේ අනාගතය බරපතළ අනතුරුදායක තත්ත්වයක පවතින නිසා ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ආණ්ඩුව මීට වඩා වැඩි අවධානයකින් කටයුතු කළ යුතුව ඇතැයිද  වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.

එප්පාවල – කුමාර දිසානයක