යක්කුන්ටත් කෝක් පෙව්වෙ කොක්කු පෙන්නලා Cocaine

Date:

ඩේමියන්ට ඉන්ඩ අප්පොච්ච අරන් දුන්නු එපාර්තුමේන්තුවක් තිබ්බා බබ්බෝලපිටියෙ. මහ මුහුද මෙහෙම මෙහෙම. ඒ කාලේ ඩොලර් එක එකසිය හැටක් විතර ඇති. අද උදේ බලද්දි දෙසිය අනූවයි. මේවට තමයි ආශ්චර්ය කියන්නේ. අයිශ්වර්යාගෙවත් නෑ මෙහෙව් කැටයම්. කොල්ලගෙන් මම ඇහුවා ලයින් එකක් ලයින් කරගන්න විදිහක් නැද්ද කියලා. බුවා ඇමැතුවා නොම්බර තහඩුවකට. ටික වෙලාවයි ගියේ පල්ලෙහාට ගිහින් එන්නම් කියල බුවා ගියා. මහ මුහුද ඇවිත් ගල්පරවල වැදිලා කෑලි කෑලි වෙලා උඩ විසිවෙනවා. හිම කැට කුඩු කුඩු වෙලා සීසීකඩ යනවා වගේ. ඩෙමා ඇතුළට ආවා. ඩෙමා සාක්කුවෙන් පුංචිම පුංචි සිප්ලොක්ස් මල්ලක් උඩට ඇදලා ගත්තා. සීතල හිම ඒකෙ දිස්නෙ ගහන්න ගත්තා. සුන්දරයි. අහිංසකයි. භයානකයි. නයි කයි. අපි ඒක විදුරුමිණි තලාවක ලස්සනට ඇතිරුවා. 

එක රේඛාවකට ලයින් එකකට කියමුකො. එහෙම එහෙම ඉරි දෙකෙන් එකක් මට, අනික ඩෙමාට. මම රුපියල් එකසිය හැටේ අලුත්ම අලුත් ඩොලර් කොලේ රෝල් කරලා හිම ලයින් එක ගාවින් තියල නහයට ඇදල ගත්තා හරියට ගැස්පා නෝඑගෙ ඉරවර්සිබල් (Irréversible) ෆිලුමෙ මාකස් ඇදල ගත්ත වගේ. ඩේමියන් මාව අනුගමනය කරමින් ඒ වගේම ලයින් එකක් ඇද්දා. බුවාගෙ දිග කොණ්ඩෙ එහෙ මෙහෙ වුණා. මට මතක් වුණේ ටොරෙන්ටිනෝගෙ පල්ප් ෆික්ශන් (Pulp Fiction) ෆිලුමෙ හිටපු මියා වොලස්වට රඟපාපු උමාව. බෝඩර් කැඩිල විසිවුණා. බැරියර් කුඩු වුණා. කියාගන්න බැරි අමුතුම මෙව්වා එකක් එන්න ගත්තා. මට යෙන්ගා පොඩි කාලෙ කියපු කතාවක හිටපු උන්ගෙ ගෙවල් පැත්තෙ ඉන්න කොකා කෝලා බොන කොකාව මතක් වුණා. චාලි ලයින් එකක් ඇදලා මම ඩෙමා එක්ක එරික් ක්ලැප්ටන්ගෙ ස්ලෝ හෑන්ඩ් ඇල්බමයේ තියෙන කොකේන් සින්දුවට සමවැදුණා.

If you wanna hang out, you’ve gotta take her out

Cocaine

If you wanna get down, down on the ground

Cocaine

She don’t lie, she don’t lie, she don’t lie Cocaine”

ඒ පදවැල් මගේ පපුව පසාරු කළා. ඇත්ත එයා කවදාවත් බොරු කියන්නෙ නෑ මයි. නෑ මයි. නෑ මයි.

කොකා කියන්නේ පැළයක්. එය ස්වාභාවික සම්භවයක් සහිත ඉපැරණිතම ඒ වගේම ලෝකයේ බලවත් උත්තේජකයක්. ක්‍රිස්තුස් වහන්සේගේ උපතට වසර තුන්දහසකට පෙර අන්දීස් ක¾දුකරයේ වැඩ වෙසෙන ඉපැරණි ඉන්කාවරුන්‍ට මේ අගනා පැළය හොයා ගන්න ලැබෙනවා. ක¾දුකරවල සිහින් වාතයේ ජීවත් වීමේදී අත්විඳින්න වෙන ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ඒ වගේම වේගයෙන් දුවන්න සහ හුස්ම ගැනීම වේගවත් කරගන්න ඉන්කාවරු කොකා කොළ හපන්න පුරුදු වෙනවා.

ස්වදේශික පේරු ජාතිකයන්ට කොකා කොළ හපන්න පුළුවන් වුණේ ආගමික උත්සවවලදී විතරයි. 1532දී ස්පාඤ්ඤ සොල්දාදුවන් පේරු ආක්‍රමණය කිරීම එක්ක මේ තහනම බිඳ වැටෙනවා. ස්පාඤ්ඤ රිදී පතල්වල සිටි රතු ඉන්දියානු කම්කරුවන්ව බලහත්කාරයෙන් කෝක්වලට ඇබ්බැහි කරන්නෙ ස්පාඤ්ඤ නිලධාරීන්. ඒකෙන් රතු ඉන්දියානුවන්ව පාලනය කරන්නත් ඇබ්බැහිකරුවන්ගේ ශ්‍රමය දරුණු ලෙස සූරාකෑමටත් ස්පාඤ්ඤ රජය පෙලඹෙනවා. අපේ රටේ හෙළයො බුලත් කනවා වගේ තමයි ඒ දවස්වල කෝක් කොළ හපල කන්න තමයි ස්වදේශිකයො හුරුවෙලා හිටියේ.

අපි කියන කොකේන් කියන මත්ද්‍රව්‍ය එහෙම නැත්තම් මේ කෝක් පැළෑටියේ පත්‍ර තුළින් වියෝජනය කරන්නේ 1859දී ජර්මානු රසායන විදුවතෙක් වෙන ඇල්බට් නීමන්. ඒත් මේක වෛද්‍ය ප්‍රජාව තුළ ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ 1880 ගණන්වල විතර. ඔස්ටි්‍රයානු මනෝ විශ්ලේෂක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි මානසික අවපීඩනය සහ ලිංගික බෙලහීනතාව සුව කිරීම සඳහා උද්දාමකයක් ලෙස පුළුල් ලෙස කොකේන් ප්‍රවර්ධනය කළ පළමු පුද්ගලයා. ෆ්‍රොයිඩ් 1884දී, Uber Coca හෙවත් කෝක් පිළිබඳ යමක් නම් ලිපිය ප්‍රකාශයට පත් කරනවා. එහිදී ෆ්‍රොයිඩ් කොකේන් තුළ ඇති ප්‍රතිලාභ ප්‍රවර්ධනය කරමින් එය මායාමය ද්‍රව්‍යයක් ලෙසින්ද පෙන්වා දෙනවා. ෆ්‍රොයිඩ් කිසිවිටෙකත් වෛෂයික නිරීක්ෂකයෙක් වුණේ නෑ. ඔහු නිතිපතා කොකේන් භාවිත කළ කෙනෙක්.

 ෆ්‍රොයිඩ් කෝක් එයාගෙ පෙම්වතියටත් හොඳම ගජයටත් නිර්දේශ කරමින් එය සාමාන්‍ය භාවිතය සඳහාද නිර්දේශ කරනවා. පස්සෙ පස්සෙ ෆ්‍රොයිඩ්ට කොකේන් නිසා ශාරීරික හා සදාචාරාත්මක පරිහානියට හේතු වන බව ඒත්තු යන්න ගන්නවා. ෆ්‍රොයිඩ් මේක තේරුම් ගත්තේ එයා කොකේන් නිර්දේශ කරපු එක් ගජයෙක් දකින හීනයක් එක්ක. ඒ හීනෙදි ඔහු දකිනව සුදු පාට නයෙක් ඒ පුද්ගලයගෙ හම පසාරුකරගෙන ඇතුළට යනවා. ඒ වෙනකොටත් ෆ්‍රොයිඩ් එළඹිල හිටපු නිගමනය වුන මේක මිනිස් සිරුරට විස නොවන දෙයක්ය කියන නිගමනයත්, ඕවඩෝස් නොවෙන ඒ කියන්නෙ අධිමාත්‍රාවක් මාරාන්තික මාත්‍රාවක් නොමැති බවත් ඔහු විශ්වාසය කළ දෙය බිඳෙන්න පටන් ගන්නවා. ෆ්‍රොයිඩ්ගේ රෝගියෙක් ඔහු නියම කරපු ඉහළ මාත්‍රාවකින් මිය යනවා. ෆ්‍රොයිඩ් කෝක් ගැන දෙපාරක් හිතන්නෙ මේ නිසා.

1886දී ජෝන් පෙම්බර්ටන් ඔහුගේ නව සිසිල් බීමක් වන කොකා-කෝලා සඳහා කොකා කොළ අමුද්‍රව්‍යයක් ලෙස ඇතුළත් කිරීමත් සමඟ මේක තවත් ජනප්‍රිය වෙනවා. කොකා කෝලා පාරිභෝගිකයා කෙරෙහි ඇති කරන ප්‍රීතිමත් සහ ශක්තිජනක බලපෑම සියවසේ ආරම්භය උඩියටිකුරු කරනවා. ඇන්ඩි වෝල් හදන කොකා කෝලා බොට්ල් එක පවා ලෝක මට්ටමේ විශාල වෙනසකට මඟ විවර කරල දෙනවා. ඒ වගේම කෝක් නිහඬ චිත්‍රපට ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙන්න ගන්නවා. එකල හොලිවුඩයෙන් නිකුත් වුණ කොකේන් ගැති පණිවුඩය මිලියන ගණන් ජන ජීවිත උඩු යටිකුරු කරනවා. මේ හේතුවෙන් සමාජයේ කොකා කෝලා භාවිතය අධික ලෙස වැඩිවෙන්න ගන්නවා. කෙමෙන් කෙමෙන් මේකේ අන්තරාය බව පැහැදිලි වීම සහ මහජන බලපෑම් නිසා 1903දී සිසිල් බීමවලින් කොකේන් ඉවත් කිරීමට කොකා-කෝලා සමාගමට සිද්ධ වෙනවා.

1912දී, එක්සත් ජනපද රජය වසරක් තුළ කොකේන් ආශ්‍රිත මරණ 5,000ක් බව වාර්තා කරනවා. 1922 වන විට මේ ඔෟෂධය නිල වශයෙන් තහනම් කරනවා.

1970 ගණන්වලදී මේක ව්‍යාපාරික ප්‍රජාව අතර මෙන්ම විනෝදාස්වාදයට ලොල් ප්‍රජාව අතර සංසරණය වන සහකාරියක් බවට පත්වෙනවා. ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල 1970 සහ 1980 අතර කොකේන් අත්හදා බැලූ සිසුන්ගේ ප්‍රතිශතය දස ගුණයකින් වැඩි වෙන්න ගන්නවා. 1970 ගණන්වල අග භාගය වෙනකොට කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්සත් ජනපදයට කොකේන් ජාවාරම සඳහා විස්තීර්ණ ජාලයක් පිහිටුවීමට පටන් ගන්නවා. නාකෝස් (Narcos) වගේ ටෙලිවිෂන් සීරීස් එකක මේක හොඳට බලාගන්න පුළුවන්. කොකේන් සඳහා දරන්න වන විශාල වියදම නිසා කොකේන් ධනවත් මිනිහගේ මත්ද්‍රව්‍යක් විදිහට හ¾දුන්වන්න පුළුවන්. 1990 දශකයේ මුල් භාගයෙන් පස්සෙ කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වසරකට කොකේන් ටොන් 500ත් 800ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරල අපනයනය කරන්න ගන්නවා. ඒ එක්ක එක්සත් ජනපදයට පමණක් සීමාවෙච්ච කොකේන් ඒරොප්පෙටත් ආසියාවටත් නැව්ගත කරනවා.

 1990 ගණන්වල මැද භාගයේදී නීතිය ක්‍රියාත්මක වීම නිසා මේ මත්ද්‍රව්‍ය සංසරණයට බලවත් පහරක් එල්ල වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ආයතන අතර ඇති කරගන්නා කාටෙල් ගිවිසුම් නිසා මහා පරිමාණ ජාවාරම් පසුකාලීනව විසුරවා හරිනවා. පසුව මේවා යළි යළිත් කුඩා කණ්ඩායම් විදිහට අරඹනවා. අදටත් කොලොම්බියාවේ සක්‍රිය මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධාන 300කට වඩා ඇති බව සොයාගෙන තිබෙනවා. 2008දී කොකේන් ලෝකයේ වැඩියෙන්ම ප්‍රවාහනය කරන ලද නීති විරෝධී මත්ද්‍රව්‍ය අතර දෙවැනි ස්ථානයට පත්වෙනවා. මේ වෙනකොට ඇති වෙලා තියෙන සීතල යුද්ධයත් එක්ක කොකේන් භාවිතය පෙරට සාපේක්ෂව පහළ මට්ටමක ඇති බව තමයි වාර්තා වෙන්නේ.

කොහොම වුණත් මම හිටියෙ ලතින් ඇමෙරිකාවේ. පේරු හරි කොලොම්බියා හරි මොකක් හරි මම දන්නෙ නෑ. පස්ස ගාතෙ බුරිය තියෙන උෟරො, කුරුල්ලන්ගෙ පිටේ රැකෙන නිය නැති කිරිල්ලියන්ගෙ බිත්තර, දිව නැති හොටවල් ඇති පැස්තුඩාවො මේ කිසි දෙයක් මම දැක්කෙ නෑ. තේ දලු වගේ ලස්සනට එක යායට වැවිලා තිබුණු කෝක් පැළ යායක මම ඇවිදිනව අත් දෙකත් දිග හැරගෙන. ඩේමියන් ඒ යාය යටින් ගලා බහින ඇමේසන් ගඟේ ඔරු පැද පැද හිටියා. මම පහළට බැහැගෙන බැහැගෙන ගිහින් ඩේමියන් හිටපු ඔරුවට පැන්නා. අහසෙ කොයියොගෙ රූපෙ මැවිල තිබ්බා. මෙන්න යකෝ මුගේ කට හෙලවෙනවා. මේකා මොනාද කියන්න ගත්තා.

“පුතා කොකේන් කියන්නෙ යක්ෂයාගෙ ඔසුවක්. ඒ මොකද දන්නවද? කෝක් ඔයාව සර්ව බලධාරීත්වය පිළිබඳ හැඟීමකට ළං කරනවා (කොයියො කියල තිබ්බෙ මෙහෙම ‘කොකේන් යනු යක්ෂයාගේ ඔෟෂධයක්, මන්ද එය ඔබ සර්ව බලධාරීත්වය පිළිබඳ හැඟීමකට ළං කරන බැවිනි’)

මං කල්පනා කරන්න ගත්තා. යක්ෂ බෙහෙතකින් සර්වබලධාරී හැඟීමක්. ඩෙමයි මායි තව ලයින් එකක් ඇද්දා. අප්පට ඩොලර් එක දෙසිය අනූ පහ වෙලා. ඒක ඊට වඩා මාර හැඟීමක්.

ගිහාන් සචින්ත

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

ටියුෂන් ගුරු වන්දනාවේ යන ලුම්පන් බැතිමත්තු

මේ අධ්‍යාපන ක්‍රමය අපිට එන්නෙ පන්සල් කේන්ද්‍රීයව තිබ්බ අධ්‍යාපන...

ප්‍රශ්න වැටෙන්නෙ නැති, පිස්සු නටන්නෙ නැති කසාදයකට යන්නේ කොහොමද?

මෙලොව ජීවත් වන බොහෝ දෙනෙක් ආදරය ලැබීමට ප්‍රිය කරති....

Twitter ගිණුමක් හදන්න ඉක්මන් වෙන්න ඕන ඇයි?

ලංකාවේ ඇත්තටම Social media ගැන කාගෙන් හරි ඇහුවොත් වැඩියෙන්ම...

ප්‍රතිරූප කුඩුවෙනකොට ජීවිතය පිස්සු නටනවා

මම කියන කතාව සමහරවිට ඔයාට දිරවන්න පුළුවන්. සමහරවිට දිරවන්නෙ...