මල්ලී අයියාට ගහපු උදලු පහර නෑනාට වැදිලා

0
19


මීගහකිවුල – රුවන් කුමාර 

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් එකම පවුලේ අයියා මලෝ අතර ඇති වූ කතාබහක් දුරදිග යෑමෙන් ගැටුමකට මැදි වූ වැඩිමහල් සොහොයුරාගේ බිරිය තම සැමියාගේ බාල සොහොයුරා එල්ල කළ උදලු පහරකින් බරපතළ තුවාල ලබා ඇත. තුවාලකාරිය පෙරේදා (27දා) රාත්‍රි කන්දකැටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 

රෝහල් ගත කර ඇත්තේ කන්දකැටිය බුද්ධංකෝට්ට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක  කාන්තාවකි. 

දෙසොහොයුරන් අතර ගැටුම ඇති වී ඇත්තේ ඉඩමක අයිතිය සම්බන්ධයෙනි. 

සිය වැඩිමහල් සොහොයුරාගේ බිරියට උදැල්ලෙන් කෙටූ බව කියන පුද්ගලයා ඊයේ (28දා) අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි. 

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංගල ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.