බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් කොටු

0
20

පොතුපිටිය – සුමිත් රණවක

බෝර 12 වර්ගයේ පතරොම් යෙදිය හැකි විදේශීය රටක

නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පෙරේදා (27දා) පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත.

පොලිස් පරීක්ෂක සුජිත් ද සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායම පාවරගොඩැල්ල, පැලවත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී 43 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවැසීය. සැකකරු මීගහතැන්න පොලිසියට භාරදී ඇති අතර මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ද සිල්වා මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.