බංග්ලාදේශ 51 නිදහස් සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

0
14


ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ බංග්ලාදේශයේ 51 වැනි නිදහස් හා ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26දා) කොළඹ, ගාලුමුව‍ෙදාර හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහමඩ් අරිෆුල් ඉස්ලාම් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ද මෙම සැමරුම් උත්සවයට එක්වූවාය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රාජතාන්ත්‍රික සබඳතාවලට 2022 වර්ෂයට වසර 50ක් ගතවීමද විශේෂත්වයකි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.බී. දිසානායක, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහමඩ් අරිෆුල් ඉස්ලාම්, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහත්වරු ඇතුළු විදේශීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් හා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.