පුලතිසිපුර මහ නගර සභාවේ ‘සිවු වසක අභිමන්’

0
22

ලංකාපුර – හෙන්රි ලයනල්

ශ්‍රී  ලංකාවේ 24 වැනි මහ නගර සභාව ලෙස ස්ථාපිත කළ පොළොන්නරුව මහ නගර සභාවට 18 වැනි දින සිව් වසරක් පිරීම නිමිත්තෙන් පුරපති චානක සිදත් රණසිංහ මහතාගේ සංකල්පයක් අනුව නගර සීමා බල ප්‍රදේශය කලාප තුනකට වෙන් කළ රාජ්‍ය දෙපාර්තමේන්තු ආයතනවල සහභාගිත්වයෙන් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස ජංගම සේවාවක් හා වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කර තිබේ.

එම වැඩසටහනේ ප්‍රථම පියවර කදුරුවෙල හා අවට ප්‍රදේශ කේන්ද්‍රකරගෙන කදුරුවෙල ජයන්ති විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම්, හැඳුනුම්පත්, වරිපනම් බදු ඇතුළු විවිධ රාජකාරි අවශ්‍යතා මෙන්ම දන්ත, සෞඛ්‍යය හා චර්ම රෝග සායන ආයුර්වේද ප්‍රතිකාර, ලේ පටල පරීක්ෂාව, රූපලාවණ්‍ය හා ජේ‍යතිෂ යන සේවා පැවැත්විණි. ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරු සහ ප්‍රවීණ වාස්තු විද්‍යා හා ජේ‍යතිෂවේදීන්ගේ සේවය ලබාගෙන තිබිණි. කලාපයෙන් තෝරාගත් ගැබිනි මවුවරුන්ට මූල්‍ය ආධාර, ස්වයං රැකියාලාභීන් හා ගොවි සංවිධානවලට භාණ්ඩ ලාබා දුනි.

ආරම්භක අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර, හිටපු ජනාධිපති පුත් දහම් සිරිසේන යන මහත්වරු විශේෂ ආරාධිතයෝ ලෙස සහභාගි වී සිටියහ.