පරංගියාආරුවල වැලි හෑරූ දෙදෙනෙක් කොටු

0
37

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ 

මුලතිව් නාත්තන්කන්දල්, පරංගියාආරු ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වැලි හාරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පාණ්ඩියන්කුලම පොලිසිය කපන ලද වැලි පිරවූ ට්‍රැක්ටර් දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත නිදහස් කිරීමට පියවර ගෙන ඇත. ඔවුන් දෙදෙනා මාන්කුලම අධිකරණය වෙත 29දා ඉදිරිපත් කිරීමට නියමිතය. 

මුලතිව් දිසාපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියෙන් කළ ඉල්ලීමට අනුව මේ දිනවල ප්‍රදේශය පුරා පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කොට තිබේ.