දැව ජාවාරමුන් දෙදෙනෙක් දැවත් සමඟ අත්අඩංගුවට

0
15

වීහේණ – අනුරාධ 

ආරච්චිකට්ටුව බංගදෙණිය ප්‍රදේශයේ බලපත්‍ර රහිතව කොහොඹ දැව තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු දැව සමඟ 28 දින ආරච්චිකට්ටුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. අත්අඩංගුවට පත් අවස්ථාවේ කොහොඹ දැව කඳන් 37ක් තිබූ බව පොලිසිය පවසයි. කැලෑ බද ප්‍රදේශවල ඇති වටිනා දැව ජාවාරම්කරුවන් විශාල වශයෙන් කපා දමන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන තොරතුරුවලට අනුව වැටලීම් කර ඇත. දැව සංහාරයෙන් වන විනාශය හේතුවෙන් සෑමවිටම ජනතාව අවදියෙන් සිටින ලෙසත් ජාවාරම්කරුවන් හට කිසිදු සමාවක් නොදෙන බවත් පොලිසිය පවසයි. 

සැකකරුවන් නඩු භාණ්ඩ සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ආරච්චිකට්ටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.වී. කරුණාරත්න මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් සෙනෙවිරත්න (41387), නරසිංහ (35832), පොලිස් කොස්තාපල් අබේරත්න (67289), කාන්තා පොලිස් කොස්තාපල් පාරමී (12476) යන නිලධාරීහු වැටලීම කළහ.