“තරු නියමු අබිසෙස් 2022” ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම

0
12

දෙල්ගොඩ – බිහදු විනුවර 

බප/කැල දෙල්ගොඩ අසෝක ප්‍රාථමික විද්‍යාලයේ “තරු නියමු අබිසෙස් 2022” ශිෂ්‍ය නායක නිල ලාංඡන ප්‍රදානෝත්සවය ඉකුත්දා (25දා) බියගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඉනෝකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

විදුහල්පතිනි මංජුලා අමරතුංග මහත්මියගේ මෙහෙයවීමෙන් විද්‍යාලයේ සිසු සිසුවියන් 276ක් අතරින් සිසු සිසුවියන් 35 දෙනකු නව ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස මෙදින දිවුරුම් දුනි. මෙහිදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස මින්සර දසුන්තක හා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කවීෂා තනුරි උදය කුමාරි තේරී පත්වූහ.

මෙම අවස්ථාවට බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි කැළුම් තුෂාර විජයලත්, මීගහවත්ත පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. ප්‍රියදර්ශන හා අවට විද්‍යාලවල විදුහල්පතිවරුද, කැලණිය අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරු උපදේශක මහේෂි වික්‍රමආරචිචි යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.