ලංකාවේ තිබෙන මේ අධ්‍යාපන ක්‍රමය තුළින් තමන් සාර්ථකත්වය වෙනුවෙන් කළ යුත්තේ මේ දේ හෝ තමන්ට හරියටම ගැළපෙන්නේ මේ ෆීල්ඩ් එක කියලා මුලින් අවබෝධයක් අරගෙන ඒ වෙනුවෙන් ටාර්ගෙට් එකක් තියාගෙන වැඩ කරන යූත් එකක් ගොඩනැඟෙන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන් හොයන්නේ එක රැයින් කෝටිපතියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාසෙට කෝටි දහයක විස්සක ආදායමක් ගන්න පුළුවන් ක්ෂණික මුදල් ඉපැයීමේ ක්‍රම.
ඒ නිසාම ලංකාව ඇතුළේ ව්යාවසායකත්වයේ නිරත වෙන යූත් එක ගොඩක් දුරට අනුගාමිකවාදීන්. කාලෙන් කාලෙට වයිරල් යන, දවසින් දෙකෙන් කෝටි ප්‍රකෝටි ගණන් හොයන බිස්නස්කාරයෝ, කෝටිපතියෙක් වෙලා අලුතෙන්ම BMW කාර් එකක් බස්සන අඩු වයස් තරුණයෝ, ගෙදර ඉඳන් ධනවත් වෙන්න රැකියා දහස් ගාණක් සපයන පෙරළිකාරයෝ වගේ ස්ලෝගන් යටතේ Youtube ඉන්ටර්වීව් කරලා උඩදාන ක්ෂණික පෞර්ෂ වටේට තමයි මේ විධියට අනුගාමිකයන් රොත්තක් එකතු වෙන්නේ. ඒ විධියට හැත්ත බුරුත්ත පිටින්ම ඒ දේට යොමුවෙද්දී ඒ දේට තියන ඉල්ලුම අඩුවෙනවා. කාලෙකට කලින් fiverr හරහා ඔන්ලයින් ෆ්රීලාන්සින් කරපු අයට වුණෙත් ඒක.
ඊළඟට ඒ බිස්නස් එක ඇතුළෙම කරක් ගහලා වැඩේ හොඳටම තේරෙන, හැබැයි සල්ලි හොයන එක හිතන තරම් ලේසි නෑ කියලා තේරෙන උදවිය A-Z ඔන්ලයින් මුදල් ඉපැයීමේ පාඨමාලා ආරම්භ කරනවා. හරියට කරගත්තොත් දින තිහෙන් මෙච්චර ලක්ෂ ගාණක් හොයන්න පුළුවන් යැයි කියමින් පටන්ගන්න මේ ඊ ගුරුවරුන් ගැන මට තේරුම්ගන්නම බැරි දේ ඒ තරම් මුදල් හොයන්න පුළුවන් නම් ඇයි දෙයියනේ ඒකෙන් කෝටි ගණන් හම්බ නොකර මෙච්චර අනුන්ට courses කර කර නහින්නේ කියන එක.
ඉතින් මෙන්න මේ රැල්ලට අලුතින්ම එකතු වෙලා තියන මාතෘකාව තමයි Bitcoin කියන්නේ. මේ ගැන ලංකාව ඇතුළේ ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා. මේ වෙද්දී පොඩි පොඩි කොල්ලො කුරුට්ටෝ පවා ඇඩ් ක්ලික් කරමින් පොඩි පොඩි Bitcoin අගයන් එකතු කරමින් ඉන්නවා. එහෙම එකතු කරන Bitcoin පස්සෙ දවසක මිල වැඩි වුණාම විකුණලා ඔවුන් එක රැයින් කෝටිපතියෙක් වෙන්න හිතනවා. ඉතින් මේ Bitcoin එහෙම නැත්නම් Cryptocurrency කියන දේත් fiverr, Dropshiping වගේ වසංගතයක් වෙන්න කලින් අපි බලමු මොකක්ද මේ Bitcoin කියන්නේ කියලා. ඒ වගේම ඒ ගැන ලෝකය තුළ සහ ලංකාවේ යූත් එක අතරේ ගොඩනැඟිලා තියන මතවාදයන්ගේ සත්‍ය අසත්‍ය බව කොයිවගේද කියලා.
මොකක්ද මේ Bitcoin කියන්නේ?
ඩිජිටල් මුදල් (digital money/e money), නැතහොත් ක්රිප්ටොකරන්සි cryptocurrency වර්ග අතර වර්තමානයේ ඉතා ප්‍රචලිතව තිබෙන බිට්කොයින් (Bitcoin) සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ගයක්.
එතකොට මොකක්ද මේ cryptocurrency කියන්නේ?
Cryptocurrency කියන එකේ අර්ථකථනය තමයි, සුරක්ෂිත වෙළෙඳාම සහ හිමිකාරීත්වය සක්‍රිය කරන පරිගණක ජාලකරණ මෘදුකාංග භාවිතයෙන් නිර්මාණය කරන ලද ඩිජිටල් වත්කම් කියන එක. මේ ක්රිප්ටොකරන්සි කියන නම හැදෙන්නේ ඛ්පරනබධඨපචනඩර ක්‍රියාවලිය කියන මෘදුකාංග ඉංජිනේරුවන් විසින් අන්තර්ජාලය තුළ තිබෙන දත්ත ආරක්ෂා කිරීම සඳහා යොදන ක්‍රියාවලියක් නිසා. මේ ක්‍රියාවලිය Cryptocurrency කියලත් හැදින්වෙනවා. ඒ විධියට වෙනත් පුද්ගලයන්ට හැක් කිරීම හෝ සොරකම් කිරීම මඟින් ලබාගත නොහැකි විධියට ක්‍රමලේඛගත වුණු මුදල් ඒකකයන්වලට තමයි Cryptocurrency කියලා කියන්නේ.
Cryptocurrency එහෙම නැත්නම් ඊට අදාළ මුදල් ඒකකයක් වෙන Bitcoin කියන මේ දේවල් සේරම පවතින්නේ blockchain කියලා හැඳින්වෙන ජාලයක් මත. ඒ තුළ ගනුදෙනු පිළිබඳව වාර්තා ගොනු පවත්වාගෙන යෑමේ තාක්ෂණක් තියෙනවා. ඒ කියන්නේ මේක කලින් අයිතිවෙලා තිබුණේ කාටද? දැන් අයිති වෙලා තියෙන්නෙ කාටද? අන්න ඒ විදිහට මේ මුදල් ඒකකය ගැන සියලු වාර්තාවන් ඒ මුදල එක්කම අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසයි කිසිම කෙනෙක්ට අලුතින් මේ මුදල් ඒකකය නිර්මාණය කරන්න හෝ වෙනත් අයකු සතුව පවතින Bitcoin වටිනාකමක් සොරකම් කරන්න බැරි වෙන්නේ.
අපි අද පාවිච්චි කරන්නේ දෙමහුම් මුදල් ඒකකයක්. ඒ කියන්නේ අපේ මුදල් කාසි නෝට්ටුවලින් ලබාගන්න පුළුවන් වගේම ඩිජිටල් අංක ඔස්සේ වුණත් සංසරණය කරන්න පුළුවන්. ඒ වගේම ඒ මුදල් හෝ වටිනාකම හැමවිටම බැංකු, පුද්ගලයන් හෝ ආයතන සතු වෙනවා. නමුත් Bitcoin කියන්නේ මේ විධියට දෙමුහුම්ව ක්‍රියාත්මක නොවෙන මුළුමනින්ම අන්තර්ජාලය ඔස්සේ පමණක් සංසරණය වෙන මුදල් ඒකකයක්.
සාමාන්‍යයෙන් යම්කිසි ව්‍යාපාරයක ලාභාංශය වැඩිවෙන තරමට අවදානමත් වැඩිවෙනවා. මේ නිසා විශේෂඥයන් විසින් Bitcoin වේගයෙන් ආරෝපණය වෙමින් තිරිංග නොමැතිව ධාවනය වන දුම්රියකට සමාන කරනවා. Bitcoin වටිනාකමේ ශීඝ්‍ර ඉහළ යෑම ගැන ලෝකයේ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තියෙනවා. මේ Bitcoin ඒකකය වේගයෙන් පිම්බෙන බෝලයකට සමාන කරන සමහරු මෙම බෝලය කෙදිනක හෝ පිපිරීමකට ලක් වෙයි කියලා සැක පහළ කරනවා.
මෙහි තිබෙන අවදානම නිසාම Bitcoin ආයෝජනය එක්තරා ‘සූදු කෙළියක්’ විධියට විග්රහ කරන්න පුළුවන්. මුදල් බිලියන ගණනක් මෙහි ආයෝජනය කර ඇති නමුත් Bitcoin ජාලයේ සම්පූර්ණ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 268යි. ඒක ලෝක ආර්ථිකයත් සමඟ සංසන්දනය කිරීමේදී ඉතා කුඩා අගයක්. ඒ නිසා කිසියම් අවස්ථාවකදී මෙය බිඳ වැටුණහොත් එයින් ලෝක ආර්ථිකයට බලපෑමක් නොවන බව එක් ආර්ථික විශ්ලේෂකයෙකුගේ මතය වෙලා තියනවා.
මේ වනවිට චීනය, ඉන්දියාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් මේ වන විටත් ආයෝජකයන්ට අනතුරු අඟවා ඇති අතර, චීනයේ ප්‍රධාන පෙළේ හුවමාරු කරන (Exchange) ආයතනයක් වන BTCC පසුගිය සැප්තැම්බර් මස අවසානයේදී සියලු ගනුදෙනු නතර කිරීමට පියවර ගත්තා. ඒ වුණත් පසුගියදා ඇමෙරිකාවේ චිකාගෝ නුවර ප්‍රධාන පෙළේ මුදල් හුවමාරු කරන CBOE ආයතනය Bitcoin ගනුදෙනු ආරම්භ කිරීමත් සමඟම මෙම පෙරළිකාර ඩිජිටල් මුදල් වර්ගයට තවත් වටිනාකමක් සහ වැඩි ආරක්ෂාකාරී බවක් අත් වුණා. කොහොම වුණත් කාසි නෝට්ටු යුගයේ සිටි මිනිසුන්ව සීග්‍රයෙන් විද්‍යුත් කාඩ්පත් සහ
e banking වෙතට යොමුවුණා වගේ බිට්කොයින් සාමාන්‍ය මුදල් ඒකකයක් ලෙස පරිහරණය කරන්න සිදුවෙන දවසක් මෑතකදී උදාවෙන්න පුළුවන්. ඒ නිසා Bitcoin ගැන දැනුවත්ව සිටීම අනාගතයට ඉතා වැදගත්.
කොහොම වුණත් කියන්න තියෙන හැමදේම පිටුවක කියන්න බැහැ. ඒ නිසා Bitcoin Minning සහ ක්ෂණික මුදල් ඉපැයීමේ ක්‍රමවේදවල දන්න නොදන්න සියලු දේ අපි ලබන සතියේ කතා කරමු. එතකන්, ක්ෂණික මුදල් සෙවීමේ ක්‍රමවල අවදානම් සහගත බව ගැන පොඩි අදහසක් විතරක් ඔළුවෙ තියාගමු.
ලසිත ඒකනායක