ඩීසල් මෙටි්‍රක් ටොන් 37,500ක්් රැගත් නැවක් වරායට එයි

0
22


චාමර අමරසූරිය 

ඩීසල් මෙටි්‍රක් ටොන් 37,500ක් රැගත් නෞකාවක් ඊයේ (28දා) මෙරටට සේන්දු විය. 

මෙම ඩීසල් නෞකාවෙන් ඩීසල් ගොඩබෑම ඊයේ රාත්‍රියේ සිට ඇරඹීමට කටයුතු යොදා ඇත. එසේම එළැඹෙන 01 වැනි දිනද තවත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතය. 

කෙසේ නමුත් ඒ වන විට ප්‍රවාහන කටයුතු සඳහා දෛනික ඩීසල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් දසදහස ඉක්මවන බවද වාර්තා වේ. 

තාප විදුලි බලාගාරවලට ඕනෑ කරන ඩීසල්ද අවශ්‍ය පරිදි ලංකා විදුලි බල මණ්ඩලයට නිකුත් කරමින් පවතින බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.