ගාල්ලේ දුම් බෝම්බයක්

0
18


ගාල්ල – ෆර්හාන් නිසාම්දින්,

අහංගම – එස්. දියගහගේ

ගාල්ල, වැකුණගොඩ ළමා හා කාන්තා කාර්යාංශයට යාබදව ඇති ඉඩමේ තිබී ඊයේ (28දා) දහවල් දුම් බෝම්බයක් හමුවී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙම ඉඩමේ කැටයම් අලෙවි මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් බැකෝ යන්ත්‍රයක් යොදා සුද්ද කරමින් සිටියදී බෝම්බය හමුවී ඇති අතර පොලිසිය පැවැසුවේ බෝම්බය නිෂ්ක්‍රිය කිරීම සඳහා හියාරේ විශේෂ කාර්ය  බළකා කඳවුර දැනුවත් කර ඇති බවය.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු  ලැබේ.