කුලියාපිටියේ වෘත්තිකයන් ඉටිපහන් දල්වා රජයට විරෝධය පාති

0
13

එහිදී විරෝධතා පුවරු රැගත් විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ තමන් මාසික වේතනයක් ලබන පිරිසක් බවත් තමන්ටත් ගෑස් ඉන්ධන ආදී ගැටලු මෙන්ම බඩු මිල ඉහළ යෑම තදබල ලෙසින් දැනෙනවා නම් එදාවේල සරිකර ගන්නා පිරිස මොනතරම් පීඩා විඳිනවාද යන්න පාලකයන්ට නොතේරීම ගැටලුවක් බවයි.

මෙවන් තත්ත්වයකින් රට තව තවත් අගාධයකට නොහෙලා තම නොහැකියාව හඳුනාගෙන පාලකයන් ඉල්ලා අස්විය යුතු බවයි. ස්විට්සර්ලන්තයේ සිට දෙදිනකට මත්තෙන් පැමිණ තිබූ ව්‍යාපාරිකයකු සඳහන් කළේ තෙල්, ගෑස් ගැටලු ඕනෑම රටක පැවැතියත් කඩිනමින් ඒ ගැටලුවලට ප්‍රමුඛතාව දී ක්‍ෂණික විසඳුම් ලබාදීමට එම රටවල් කටයුතු කළත් මෙරට පාලකයන් ජනතා හඬට කන් නොදෙන නම්‍යශීලී නොවන නායකයන් නිසා ගැටලු තව තවත් උග්‍ර වනවා. සියලු වැඩකටයුතු නවතා ජනතාවගේ දැවෙන ගැටලු හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාව ලබාදී කටයුතු නොකළහොත් ජන විරෝධය මීට වඩා දෙගුණ තෙගුණ විය හැකි බවද ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.

කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ පැයක පමණ කාලයක් එසේ විරෝධතාවයේ නිරතවූ අතර සියයකට ආසන්න වෘත්තිකයන් පිරිසක් ඒ වටා එක්රෝක්ව සිටියහ.

කුලියාපිටිය – ශාඛ්‍ය ඉඳුවර