කුඩු නඩුවෙන් සුසෙයි – ගෞතම් නිදහස්

0
16


හංසි නානායක්කාර

මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන ධර්මරාජා සුසේන්ද්‍රන් හෙවත් සුසෙයි හා කේ. ගෞතමන් හෙවත් ගෞතම් යන අය සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (28දා) නියෝග කළේය.

පැමිණිල්ල විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කරන ලද චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර නොමැති බැවින් විත්තිකරුවන් දෙදෙනා සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

හෙරොයින් ග්‍රෑම් 1097 ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම හා එයට ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

දීර්ඝ කාලයක් මෙම නඩුව අධිකරණය හමුවේ විභාග වීමෙන් අනතුරුව පසුගිය දින මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් විය.