කාන්තාවක් තමන් ගිය බසයට යටවී මිය යයි

0
16

රඹෑවැව – කේ.ඒ. ජයසූරිය

කටුපොත- රඹාවැව මාර්ගයේ කොළඹගම විදුහල අසල 28 වැනි දින වූ රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇත.

අනතුරින් මොරගොල්ල, වඩුවන එක්දරු මවක වන 56 හැවිරිදි හොරතල්පේඩි දුරයලාගේ ගුණවතී යන අය මියගොස් ඇත.

28 වැනි දින පෙරවරු 7.00 පමණ රඹාවැව- කටුපොත ප්‍රධාන මාර්ගයේ කොළඹගම හන්දියෙන් මාර්ගයේ ගමන් කරන පෞද්ගලික බස් රථයකට කාන්තාව නැඟ ඇත. බස් රථය කොළඹගම පොලිස් මාර්ග බාධකය අසල කහඉර හරහා මාර්ගය මාරුවන ළමයි දැක එක්වරම බේ්‍රක් ගසා ඇත. එවිට කාන්තාව සිට ඇත්තේ පාපුවරුවේය. බේ්‍රක් ගැසීමත් සමඟ කාන්තාව පාරට වැටී එම බසයේ රෝදවලට යටවී එම ස්ථානයේදීම මියගොස් තිබේ.

කාන්තාවගේ මෘත ශරීරය වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

බස් රථය සහ රියැදුරු පොලිස් භාරයට ගෙන ඇත. වැඩිදුර පරීක්‍ෂණ කටුපොත පොලිසියේ රථ වාහන අංශය පවත්වයි.