ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් බටහිර මුහුදේ

Date:


චාමර අමරසූරිය

ඉන්දීය _ ශ්‍රී  ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් අද (29දා) පැවැත්වේ.

ඉන්දීය නාවික හමුදාවේ නාවික සැහැල්ලු හෙලිකොප්ටරයක් ඒ සඳහා එක්ව ඇත. 

මෙම මස 23 වැනි දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය නාවික ‘ශර්ධා’ නෞකාවට අයත් IN 715 දරන Advance Light Helicopter වර්ගයේ හෙලිකොප්ටර් යානය සහ ශ්‍රී  ලංකා නාවික නෞකා සයුරු නෞකාව මෙම ඒකාබද්ධ අභ්‍යාසයෙහි නිරතව සිටියි. ඒ අනුව මෙම අභ්‍යාසයේදී නෞකා මතට හෙලිකොප්ටර් යානා ගොඩ බැස්සවීම, නැවත ගුවන් ගත කිරීම සහ සාගරික ගුවන් මෙහෙයුම් සිදු කිරීමේදී ගුවන් යානා හා නෞකා අතර පණිවුඩ හුවමාරු කරගැනීමේ ප්‍රයෝගික අභ්‍යාස සිදු කෙරෙන අතර ඒ සඳහා ශ්‍රී  ලංකා ගුවන් හමුදා සාමාජිකයෝ පිරිසක්ද එක්ව සිටිති.

ඉන්දීය සාගර කලාපයේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඬපැවැත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් කිරීමේදී මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම මෙන්ම ඉන්දීය සහ ශ්‍රී  ලංකා නාවික හමුදාවන් අතර ද්වීපාර්ශ්වික සහයෝගීත්වය වර්ධනය කිරීමද මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය මඟින් අපේක්ෂා කෙරේ. මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස සිදුකිරීම මඟින් ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා ඉදිරියේදී සාර්ථකව සාමූහිකව විස¾දුම් සෙවීමට හැකියාව ලැබෙනු ඇති බව නාවික හමුදාව පවසයි. 

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

රට සල්ලි බැංකු ගිණුම්වල තැන්පත් කරන්න මසක කාලයක්

අමිල අබේරත්න විදේශ විනිමය මුදල් වශයෙන් සන්තකයේ තබාගෙන සිටින ශ්‍රී ...

IMF ණය ගැන මහබැංකු අධිපති කියන කතාව

අමිල අබේරත්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ණය ලබාගැනීම සම්බන්ධයෙන් වන...

CIDය අත්අඩංගුවට ගත් මර්වින් අධිකරණයෙන් මුදාහරී

හංසි නානායක්කාර වසර පහළොවකට පෙර රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වූ ...

කෙලී අතුරුදන්

ස්කොට්ලන්ත ජාතික කෙලී ෆ්‍රේශර් නමැත්තිය මේ වනවිට අතුරුදන්ව සිටින...